×

කොරෝනාවෙන් ගැලවෙන ඉන්දියානුවන් තවත් වසංගතයකට බිලිවෙන ලකුණු !

කොවිඩ් 19 වසංගතය හේතුවෙන් ඉන්දියාව මේ වනවිට බරපතල අපහසුතාවයකට පත්ව සිටිනවා.


ඉන්දියාවෙන් දිනපතා ලක්ෂ 04 කට අධික ආසාදිතයන් ප්‍රමාණයක් වාර්තා වෙමින් තිබෙන අතර දිනපතා ජීවිත අහිමි වන ඉන්දියානුවන් ගණන 4000 ඉක්මවා තිබෙනවා.

මේ අතර දැඩි බාධා මධ්‍යයේ මෙම වසංගතයෙන් දිවි ගලවා ගන්නා පුද්ගලයන්ට තවත් ව්‍යසනයකට මුහුණදීමට සිදුව තිබේ.

සුවය ලබන හා සුවය ලබමින් සිටින කොවිඩ් රෝගීන් අතර මාරාන්තික කලු පුස් රෝගයක් පැතිර යමින් තිබෙන බවයි වාර්තා වන්නේ.

කණ, නාසය, උගුර ආශ්‍රිතව මෙම කලු පුස් ආසාදනය හටගන්නා අතර එය ඇස් සහ මොළය දක්වාම ව්‍යාප්ත වීමේ අවදානමක් මතුව තිබේ.

ඇතැම් විට අන්ධභාවයට පවා පත්වීමට ඉඩ තිබෙන අතර මෙම රෝගය ආසාදනය වන පුද්ගලයන් මරණයට පත්වීමට 50% ක පමණ සභාවිතාවයක් තිබෙන බවයි දැනට සිදුකළ පරීක්ෂණවලදී හෙලි වී තිබෙන්නේ.

මියුකෝ මයිකොසීස් නමැති දිලීරය හේතුවෙන් මෙම කලු පුස් රෝගය හටගන්නා අතර කොවිඩ් 19 වෛරසය හේතුවෙන් ඇතිවන සකූලතා සඳහා සිදු කරන දැඩි ප්‍රතිකාර හේතුවෙන් මෙම දිලීරය හටගන්නා බවයි දැනට හඳුනාගෙන තිබෙන්නේ.

UN for LNW



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි