×

කොරෝනා අස්සේ ඉන්දියාව මැතිවරණ පවත්ව​යි

මෙම ප්‍රාන්ත මැතිවරණවල ඡන්ද ගණන් කිරීම ලබන මැයි 2 වැනිදා සිදු කිරිමට නියමිතයි.


කොවිඩ් 19 ආසාදන තත්වයේ උග්‍රඅවස්ථාවක පසුවෙන ඉන්දියාව තුල ඉන්දීය ප්‍රාන්ත 04 ක සහ එක්යුනියන් පෙදෙසක මැතිවරණ ක්‍රියාවලිය ආරම්භ කර ඇත.පසුගිය 27 වැනි දින සිට අප්‍රෙල්29 වැනි දින දක්වා මෙම මැතිවරණ කඩින් කඩ පැවත්වේ.
ඒ අනුව ඇසෑම්, කේරළය, පුඩුචෙරි, තමිල්නාඩු සහ බටහිර බෙංගාල යන ප්‍රාන්තවල ප්‍රාන්තසභා නියෝජිතයින් තෝරා පත් කර ගැනිම මෙහි අරමුණයි. පසුගිය 27  වැනි නි ඇසෑම් මැතිවරණ කටයුතු ආරම්භ විය.එය අදියර 03ක් යටතේ පැවත්වේ.
අප්‍රේල් 01 දින බෙංගාලයේ මැතිවරණය සහ, තමිල්නාඩු, පුඩුචෙරි සහ කේරළ යන ප්‍රාන්තවල ප්‍රාන්තසභා මැතිවරණ  අප්‍රේල් 6 වැනි දින ආරම්භ කෙරේ.නමුත් පුඩුචෙරි ප්‍රාන්තය මේ වනවිටත් පවතින්නේ ඉන්දීය ජනාධිපතිවරයා යටතේය.
මෙම ප්‍රාන්ත මැතිවරණවල ඡන්ද ගණන් කිරීම ලබන මැයි 2 වැනිදා සිදු කිරිමට නියමිතයි.


#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි