×

කොරෝනා ඉන්දියාව දිනෙන් දින හෙම්බත් කරමින් මාරාන්තික මාවතකට ඇද දමයි

ඉන්දියාවේ තුන් වෙනි දිනටත් වාර්තා ගත කොවිඩ් ආසාදිතයින් වාර්තා වී ඇති අතර ගෙවුණු පැය 24ක කාලය තුළ ආසාදිතයින් 346,786ක් වාර්තා වී තිබේ.


ඒ අනුව තවදුරටත් ඉන්දියාවෙන් දිනකට වාර්තා වන වැඩිම ආසාදිතයින් ගණන තුන්වෙනි දිනටත් වාර්තා වී ඇති බවයි ඉන්දීය වාර්තා සඳහන් කරන්නේ.

ගෙවුණු පැය 24ක කාලය තුළ මරණ 2,624 ක් සිදුව ඇති අතර සමස්ත මරණ 189,544 ක් ලෙස ඉහළ ගොස් ඇති බව දැක්වෙයි.

සෞඛ්‍ය පද්ධතියට දරාගත නොහැකි ලෙස විශාල ලෙස රෝගීන් වාර්තා වීමත් සමඟ මරණ ගණන ද අහස උසට නැගෙමින් තබෙන බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා පෙන්වාදෙමින් සිටින්නේ.

දැඩි සත්කාර ඒකක ඇඳන්, ඖෂධ, ඔක්සිජන් හිඟකමින් මෘත ගොඩගැසෙමින් පවතින අතර ඒවා ආදාහනය කිරීමද මේ වන විට අර්බුදයට යමින් තිබේ.

දිල්ලි නගරයේ මෙන්ම මහාරාෂ්ට්‍ර, හර්යානා යන ප්‍රාන්ත තුළ බරපතල ලෙස මහජන සෞඛ්‍ය බිඳ වැටීමකට ලක්ව ඇති හෙයින් කොරෝනා විසින් සමස්ත ඉන්දියාවම මාරාන්තික මාවතකට ඇද දමමින් සිටින බව එරට සෞඛ්‍ය ප්‍රධානීන් පෙන්වා දී ඇත.

ASK for LNW



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි