×

කොරෝනා වැක්සිනය සොයාගැනීම සඳහා ඇමරිකාව Johnson & Johnson සමාගම සමග ඩොලර් බිලියන භාගයක කොන්ත්‍රාත්තුවක!

ළමා සුවඳ විලවුන් යනාදිය සම්බන්ධයෙන් නිෂ්පාදන සමාගමක් ලෙස ප්‍රකට ජොන්සන් ඇන්ඩ් ජොන්සන් සමාගම සමග ඇමරිකා එක්සත් ජනපදය ඩොලර් මිලියන 450ක ගිවිසුමකට එළඹ ඇති බව ෆෝබ්ස් සඟරාව අනාවරණය කරයි.


ඒ, අන් කිසිවක් සඳහා නොව, කොරෝනා වෛරස් වැක්සිනයක් නිපදවීම සඳහා ය.

මෙසේ එක් සමාගමකට ප්‍රමුඛත්වය ලබාදෙමින් ඩොලර් බිලියන භාගයකට ආසන්න අති දැවැන්ත මුදල් සම්භාරයක් ප්‍රතිෂ්ඨාව වශයෙන් ලබා දී ගිවිසුමකට එළඹීම සම්බන්ධයෙන් යම් මතභේදාත්මක තත්වයක් ද ඇති වී තිබේ.

Johnson & Johnson’s Pharmaceuticals සමාගමේ ශාඛාවක් වන ජැන්සෙන් සමාගම Janssen සමග ට්‍රම්ප් පරිපාලනය මෙසේ ගිවිසුමකට එළඹ ඇති බව හෙළි වේ.

කොරෝනා වෛරස් වැක්සින නිපදවීම සඳහා ලෝකය පුරා දැවැන්ත තරගයක් ඇති වී තිබෙන බව නොරහසකි. කෙසේ නමුත් ලෝකයේ සිදුකර ඇති ඉහළම ආයෝජනය වනු ඇත්තේ මෙයයි.

Researcher Xinhua Yan works in the lab at Moderna in Cambridge, Maryland, on February 28, 2020. …BOSTON GLOBE VIA GETTY IMAGES

මෙයට අදාළ ගිවිසුම මාර්තු 27 වැනිදා ධවල මන්දිරයේ ASPR කාර්යාලය විසින් අත්සන් කර තිබේ. එයට සතියකට පෙර එම සමාගම සමගම, මේ කාර්යය සඳහාම ඩොලර් මිලියන 150 ක කොන්ත්‍රාත්තුවකට ට්‍රම්ප් පරිපාලනය එළඹ තිබීම ද විශේෂත්වයකි.

ඇමරිකා එක්සත් ජනපදය සහ ජොන්සන් ඇන්ඩ් ජොන්සන් සමාගම විසින් ඩොලර් බිලියන 1 ක වැක්සින් පර්යේෂණ ව්‍යාපෘතියක් සඳහා ආයෝජනයන් සිදුකිරීමේ සැලැස්මක් ගැන ද මේ අතර අනාවරණය වේ.

සමාගම පවසන්නේ 2020 සැප්තැම්බර් මාසය වන විට මිනිසුන් යොදාගෙන සායනික පරීක්ෂා ආරම්භ කිරීමට තමන් බලාපොරොත්තු වන බවයි. ඒ අනුව 2021 ජනවාරි පමණ වන විට පළමු අනුමත වැක්සිනය වෙළඳපොළට නිකුත් කිරීමට ද ඔවුහු බලාපොරොත්තු වෙති.

මෙම සමාගම එබෝලා, සිකා සහ HIV සම්බන්ධයෙන් ද වැක්සින නිපදවීම සඳහා අතීතයේ ව්‍යාපෘති සිදුකළ ආයතනයක් ලෙස ප්‍රකට ය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි