×

කොවිඩ් ගැන හොයන්න WHO විශේෂඥ කණ්ඩායමක් වූහාන් වෙත

කොවිඩ් 19 වෛරසය ආරම්භ වූයේ කෙසේද, කුමන ස්ථානයකින්ද යන්න පිළිබඳව තවමත් නිශ්චිත තොරතුරු ලැබී නොමැත.


පසුගිය කාලයේදී ඒ පිළිබඳව විවිධ නිගමන ප්‍රකාශ වූ නමුත් ඒ නිගමන කිසිවක් නිශ්චිතව තහවුරු කරගත් කරුණු මත පදනම් වූ ඒවා නොවීය.

දැනට සිදුකළ විමර්ශනවලදී හෙළි වී තිබෙන්නේ චීනයේ වූහාන් නගරයේ මත්ස්‍ය වෙළඳසැලකින් වෛරසය ව්‍යාප්ත වීම ආරම්භ වී ඇති බවයි. එසේම මෙම වෛරසය රසායනාගාරයක් තුළ වැඩිදියුණු කර දැනුවත්ව හෝ නොදැනුවත්ව සමාජයට මුදාහැර ඇති බවටද මත පළවිය.මේ සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය නියෝජනය කරන විශේෂඥ කණ්ඩායමක් චීනයේ වූහාන් නගරයට වෙත යැවීමට සූදානම් බව වාර්තා වේ. මෙම කණ්ඩායම වෛරස පිළිබඳ විශේෂඥයන් ඇතුළු විද්‍යාඥයන් 10 දෙනෙකුගෙන් සමන්විත වේ.

මාස කිහිපයකට පෙර මෙම කණ්ඩායම වූහාන් වෙත යැවීමට සූදානම් වුවත් ඒ සඳහා චීන බලධාරීන්ගේ අනුමැතිය හිමිවීම දිගින් දිගටම ප්‍රමාද වී තිබිණි. මේ වනවිට ඊට අදාල අනුමැතිය චීනය විසින් ලබා දී ඇති අතර මෙම පරීක්ෂණ සඳහා උපරිම සහාය ලබාදෙන බවද චීනය පවසා තිබෙනවා.

මෙම විමර්ශනයේ අරමුණ චීනය හෝ වෙනත් පාර්ශ්වයක් වරදකරුවන් කිරීම නොවන බවත්, ඉදිරියේදී මෙවැනි වසංගත තත්වයක් ඇතිවීම වළක්වා ගැනීමට අවශ්‍ය පියවර ගැනීම බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා.

UN | LNW

 

Photo: Medics in Wuhan when the coronavirus was spreading in January. A WHO team will try to find the origins of the outbreak. Photograph: Héctor Retamal/AFP/Getty Images



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි