×

කොවිඩ් නිසා ඇණහිටි පාසල් අධ්‍යාපනය වෙනුවෙන් UNICEF සංවිධානය හඬ නඟයි

කොවිඩ් 19 තත්වය නිසා ලොව පුරා ඇති හිස් පන්ති කාමර ලොව සියල්ලන්ටම මතක් කර දීම සඳහා නිව්යෝක්හි යුනිසෙෆ් ආයතනය කැපී පෙනෙන ක්‍රියාදාමයක් සිදු කර තිබේ.


පසුගිය වසරේ මාර්තු මාසයේ සිට ලොව පුරා පාසල් දරුවන් මිලියන 168 ක් පාසල් යාමට නොහැකිව සිටී.

අපි දුරස්ථ ඉගෙනීමේ වසරක සංවත්සරය කරා ළඟා වෙමින් සිටිමු. අපි ලොව සෑම රජයන්ගෙන්ම ඉල්ලා සිටින්නේ ළමයින්ට ආරක්ෂිත, පන්ති කාමරයක ඉගෙනීමට නැවත ප්‍රමුඛතාවය ලබා දීම සඳහා තමන්ට හැකි සෑම දෙයක්ම කරන ලෙස” යනුවෙන් යුනිසෙෆ් ඉල්ලා සිටි.

මෙම පණිවුඩය ලබා දීමට යුනිසෙෆ් විසින් එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් පිටත නිව් යෝර්ක්හි වසංගතයට මුහුණ දෙන පන්ති කාමරයක අනුරුවක් ස්ථාපිත කර ඇත.

ලොව පුරා ළමුන් මිලියන 168 ක් නියෝජනය කිරීම සඳහා හිස් මේස සහ පාසල් බෑග් 168 ක් සහ පන්ති කාමර ඩෙස්ක් පුටු 168 ක් පෙන්වා දි තිබේ.ඔවුන් එය සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කර තිබේ. (යුනිසෙෆ් වෙතින්)

සහන් හේවාගමගේ



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි