×

කොවිඩ් වෛරසයෙන් දැඩි බලපෑම් එල්ල වූ මුම්බායි වෙත සමීප වන නිසර්ගා

මුම්බායි නගරයටද වෛරසයෙන් දැඩි බලපෑම් එල්ල වූ අතර නිසර්ගා සුළි කුණාටුවේ බලපෑම් එල්ල වන්නේ එවැනි පසුබිමකයි.


දැඩි හානියක් සිදුකළ හැකි ප්‍රබල කුණාටුවක් ලෙස නම්කර ඇති නිසර්ගා සුළි කුණාටුව මේ වනවිට ක්‍රමයෙන් ඉන්දියාවේ මුම්බායි නගරය වෙත සමීප වෙමින් තිබෙන බව ඉන්දීය කාලගුණ විද්‍යාඥයන් පවසනවා. අරාබි මුහුදේ සිට ආරම්භ වූ එම සුළි කුණාටුව මේ වනවිට මුම්බායි නගරයට කිලෝමීටර් 200 ක් පමණ දුරින් ස්ථානගත වී තිබෙනවා.

නවතම වාර්තාවලට අනුව සුළු කුණාටුව පැයට කිලෝමීටර් 120 – 140 අතර වේගයකින් ඉන්දියානු ගොඩබිම් ප්‍රදේශ වෙත පිවිස ඇති බවයි වාර්තා වන්නේ.

වසර 130 කට පසු මුම්බායි වෙත බලපෑම් කරන දරුණුතම සුළි කුණාටුව මෙය බවයි වාර්තා වන්නේ.

මිලියන 20 කට අධික ජනතාවක් ජීවත් වන මුම්බායි නගරය ඉන්දියාවේ ප්‍රමුඛතම ව්‍යාපාරික නගරය ලෙස ද හඳුන්වයි.

කොවිඩ් වෛරසයේ බලපෑම හේතුවෙන් ඉන්දියාවේ සාමාන්‍ය ජනජීවිතයට දැඩි බලපෑමක් එල්ල වූ අතර තවමත් එරට තුළ වෛරසය පැතිරීම ඉහළ යමින් තිබේ. මේ වනවිට එරටින් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයන් ප්‍රමාණය 207,615 ක් වන අතර පුද්ගලයන් 5829 ක් මියගොස් තිබෙනවා.

මුම්බායි නගරයටද වෛරසයෙන් දැඩි බලපෑම් එල්ල වූ අතර නිසර්ගා සුළි කුණාටුවේ බලපෑම් එල්ල වන්නේ එවැනි පසුබිමකයි.

UN



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි