×

කොසෝවෝ රාජ්‍යයේ නව ජනාධිපතිවරිය වෝසා ඔස්මානි!

කොසෝවෝ රාජ්‍යයේ නව ජනාධිපතිවරිය වශයෙන් නීතිය පිළිබඳ මාහාචාර්යවරියක වන 38 හැවිරිදි වෝසා ඔස්මානි එරට පාර්ලිමේන්තුව විසින් තෝරා ගෙන තිබේ.


පසුගිය  ඉරිදා රාත්‍රියේ ඇය දිවුරුම් දෙන්නට විය.

ආසන 120 කින් යුත් පාර්ලිමේන්තුවේ නීති සම්පාදකයින් 71 දෙනෙකු ඔස්මානිට පක්ෂව ඡන්දය දුන් අතර විරුද්ධ පක්ෂ දෙකක් සර්බියානු සුළුතර පක්ෂය සමඟ ඡන්දය වර්ජනය කරන්නට විය.

මීට වසර 13 කට පෙර බෝල්කන් ජාතිය සර්බියාවෙන් නිදහස ප්‍රකාශයට පත් කිරීමෙන් පසු කොසෝවෝ හි දෙවන කාන්තා නායිකාව බවට ඔස්මානි පත්විය.

කොසෝවෝ විමුක්ති හමුදාවේ හිටපු නායක හා හේග්හි ජාත්‍යන්තර අධිකරණයක් විසින් යුද අපරාධ සම්බන්ධයෙන් අධිචෝදනා ගොනු කිරීමෙන් පසු ඉවත් වූ ජනාධිපති හෂීම් තාසි ගෙන් පසු වැඩබලන ජනාධිපති ලෙස 2020 නොවැම්බර් මස සේවයේ යෙදී ඇත. (euronews.com)



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි