×

කෝවිඩ් වසංගතයට ගොදුරු වූ ඉතාලියේ පවුල් 500 ක් ආණ්ඩුවෙන් වන්දි ඉල්ලා නඩු පවරති

ඉතාලියේ කොරෝනාවෛරස වින්දිතයන් ගේ පවුල් ප්‍රාදේශීය සහ ජාතික ආණ්ඩු නායකයින්ට විරුද්ධ ව නඩු පවරා තිබේ. ගෝලීය වසංගතයට ඔවුන් දැක්වූ මුල් ප්‍රතිචාරය නොසලකා හැරීම්වලින් සහ වැරැදීම්වලින් පිරී ඇති බව ඔවුන් ඉදිරිපත් කරන චෝදනාව යි.


පවුල් 500ක කණ්ඩායමක් ඉතාලියේ බෙර්ගාමෝහි ලොම්බාර්ඩි පළාතේ චෝදකයන් ද සමග සිවිල් නඩුවක් පසුගිය බදදා පවරා ඇත. මේ ප්‍රදේශය ගෝලීය වසංගතය පැතිර ගිය මුල් අවධියේ දැඩිව ඉන් බලපෑමට පත්වූ ප්‍රදේශයකි.

අගමැති ගුසෙප්පේ කොන්ටේ, සෞඛ්‍ය ඇමැති රොබර්ටෝ ස්පෙරන්සා සහ ලොම්බාර්ඩි හි ප්‍රාදේශික සභාපති ඇටිලියෝ ෆොන්ටානා ඉතාලියේ සිදුවූ වෛරස මරණ 70,000කට අධික ප්‍රමාණයකට වගකිව යුතු බවට මේ පවුල් චෝදනා කරති.

අවම මට්ටමේ සූදානමකින් යුතු වීම සහ ලොම්බාර්ඩි ප්‍රදේශයේ මරණ දහස් ගණනකට හේතු වූ මුල් අවධියේ වෛරස පැතිරයාමකට විරුද්ධව නිසි පියවර ගැනීමට අපොහොසත් වීම යන චෝදනා මේ නඩුවෙන් රාජ්‍ය බලධාරින්ට විරුද්ධ ව නගා තිබේ. මේ නඩුව පවරා ඇත්තේ Noi Denunceremo හෙවත් ‘අපි චෝදනා කරන්නමු’ නම් වූ කොරෝනාවෛරසය සම්බන්ධ කටයුතු පිළිබද ක්‍රියාකාරීව කටයුතු කරන සංවිධානයක් විසිනි.

“මේ චෝදනා ඉතාලියේ දී තමන් කළ යුතුව තිබූ දෙය නොකළවුන්ට අපේ නත්තල් තෑග්ගයි. දෙසැම්බර් 25 වන විට හිස් පුටු 70,000ක් තිබෙනවා,” යැයි මේ සංවිධානයේ සභාපති ලූකා ෆුස්කෝ කියා තිබේ.

අද දිනය වන විට කෝවිඩ්-19 වසංගතය හේතුවෙන් මිය ගොස් ඇති ඉතාලි ජාතිකයන් සංඛ්‍යාව 70,395 කි.

යුරෝපා සංවිධානයෙන් සහ ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉල්ලා සිටි පරිදී මනා සැලැසුම්සහගත බවෙන් යුතු වූයේ නම් මරණ සංඛ්‍යාව ඊට වඩා අඩු කර ගත හැකිව තිබූ බව ෆුස්කෝ එකතු කළේ ය.

බලධාරීන් විසින් පෙබරවාරි 23 වැනිදා වෛරස පැතිරයාමක් සිදු වූ පැය කීපයක් ඇතුළත ලොම්බාර්ඩිහි රෝහලක් නැවත විවෘත කරන්නට ගත් තීරණය සහ පසු ව එම ප්‍රදේශය නිරෝධායනය කළ යුතු ප්‍රදේශයක් ලෙස නම් නොකිරීම සම්බන්ධයෙන් මෙම නඩුවේ දී අවධානය යොමු වනු ඇතැයි ද ගාඩියන් වාර්තා කළේ ය.

වෛරසය පැතිරීම වලක්වනු වස් රජයේ නිලධාරීන් ජාතික සහ ප්‍රාදේශික වශයෙන් ගොලීය වසංගත සැලැසුම් යාවත්කාලීන කිරීමට අපොහොසත් වීම ද මේ නඩුවෙන් ඉදිරිපත් කෙරෙන තවත් චෝදනාවකි.

එක් පවුලකට ඇ. ඩො. 315,000 පමණ වන මූල්‍යමය අලාභයක් ගෙවන ලෙස මේ කමිටුව නියෝජනය කරන නීතිඥවරු ඉල්ලා සිටිති. මෙහි මුළු එකතුව ඇ. ඩො. මිලියන 120 ඉක්මවයි.

“නීතී කඩකිරිමට සහ යුතුකම් පැහැර හැරීමට රජය සහ ප්‍රාදේශීය ආණ්ඩු වගකිව යුතුයි” යැයි මේ නඩුවේ මුල් පෙළ නීතිඥයකු වන කොන්සුඑලෝ ලොකාටි ද ගාඩියන් වෙත පවසා තිබේ. නීතිය මගින් ඉතාලියට මනා ජාතික සැලැස්මක් ද ප්‍රාදේශිය වශයෙන් සැලැස්මක් ද තිබීම අනිවාර්‍ය්‍ය කරනවා.”

ඉතාලියේ ගෝලීය වසංගත සැලැස්ම යල් පැන ගිය එකක් බව ද ඔහු ප්‍රකාශ කරයි.

main photo: Coffins arriving from the Bergamo area, where the coronavirus infections caused many victims, are being unloaded from a military truck that transported them in the cemetery of Cinisello Balsamo, near Milan in Northern Italy, Friday, March 27, 2020. The new coronavirus causes mild or moderate symptoms for most people, but for some, especially older adults and people with existing health problems, it can cause more severe illness or death. (Claudio Furlan/LaPresse via AP)



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි