×

ගර්භනී මව්වරුන් එන්නත්කරණයට බිය නොවන්න

පර්යේෂකයන් පවසන්නේ මෙම දත්ත ගර්භනි කාන්තාවන්ට ඔවුන්ව ආරක්ෂා කිරීමට සහ එන්නත් ගැනීමට වැඩි වැඩියෙන් උනන්දු කිරීමට උපකාරී වන බවයි.


එක්සත් රාජධානියේ සෞඛ්‍ය ආරක්ෂක ඒජන්සිය (UK’s Health Security Agency) එන්නත් දත්ත විශ්ලේෂණයෙන් පෙන්නුම් කරන්නේ ගර්භණී සමයේදී Covid එන්නත් කිරිම ආරක්ෂිත බවත් ය.එන්නත් කල සහ එන්නත් නොකළ මව්වරුන් ගේ මළ දරු උපත් සහ නොමේරූ උපත් අනුපාතය සමාන බව එම නියෝජිතායතනය පෙන්වා දෙයි.

පර්යේෂකයන් පවසන්නේ මෙම දත්ත ගර්භනි කාන්තාවන්ට ඔවුන්ව ආරක්ෂා කිරීමට සහ එන්නත් ගැනීමට වැඩි වැඩියෙන් උනන්දු කිරීමට උපකාරී වන බවයි.

ඔවුන්ගේ වාර්තාව පෙන්නුම් කරන්නේ අගෝස්තු මාසයේ දී එසේ දරු උපත් ලබා දී ඇති කාන්තාවන්ගෙන් 22% ක් පමණක් අවම වශයෙන් එක් එන්නත් මාත්‍රාවක්වත් ලබා ගෙන ඇති බවයි.මෙම වසරේ අප්‍රේල් මැද සිට, ඉදිරියේ දරුඋපත් අපෙක්ෂිත මව්වරුන්ට PfizerBioNTech හෝ Moderna එන්නත් ලබා දී ඇති බවත්,ඔවුන්ට දෙවන මාත්‍රාව පළමු මාත්‍රාවෙන් සති අටකට පසුව නිර්දේශ කර ඇති බවත්ය.එක්සත් රාජධානියේ ජනවාරි සහ අගෝස්තු අතර, මළ දරු උපත් අනුපාතය මෙසේය.

එන්නත් කළ කාන්තාවන් 1,000 කට 3.35 ක් වන අතර,එන්නත් නොකළ කාන්තාවන් 1000කට 3.6 අනුපාතයක් විය.නොමේරූ දරු උපත් අනුපාතය වූයේ,එන්නත් කළ මව්වරුන් 5.28% ක් සහ එන්නත් නොකළ මව්වරුන් 5.36% කි.එන්නත් ආවරණය වීම මව්වරුව් අතර, සුදු ජාතික කාන්තාවන් අතර 17.5% ක්,ආසියානු කාන්තාවන් අතර 13.5% ක් සහ කළු ජාතික කාන්තාවන් අතර 5.5% ක් වේ.ඌණ සංවර්ධිත රටවල කාන්තාවන් 7.8% සහ සංවර්ධිත කලාපයන්හි 26.5% ලෙස එන්නත් කරණය සිදුව තිබේ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි