×

ග්ලාස්ගොව් සරසවියත් කොවිඩ් වසංගතයෙන් වෙළී යයි – 124කට රෝගය – 600 ක් නිරෝධායනයට

එක්සත් රාජධානියේ ග්ලාස්ගොව් සරසවියේ සිසුන් අවම වශයෙන් 124 දෙනෙකු මේ වන විට කොවිඩ් පොසිටිව් තත්වයට පත් ව තිබේ.


සරසවි සිසුන් 600 දෙනෙක් පමණ ස්වයං නිරෝධායනයට යොමු කර තිබේ.

සරසවියට ඇතුළු වූ නවක සිසුන් නිතර ගැවසෙන ස්ථාන දෙකක ‘පොකුරු මට්ටමෙන්‘ රෝගය පැවතී තිබෙන බව ද මේ වන විට සොයාගෙන තිබේ.

ශිෂ්‍ය නේවාසිකාගාරවල කොරෝනා වෛරසය දැනටමත් පැතිර ඇති බවට අනුමාන කෙරේ.

මෙයට අමතරව ග්ලාස්ගොව් සරසවිය සාමාන්‍යයෙන් මහජනතාව ද ගැවසෙන ස්ථානයක් වන අතර, ඒ අනුව ඉදිරියේදී දැඩි ආරක්ෂිත පියවර අනුගමනය කිරීමට බලධාරීන්ට සිදුව තිබේ.

ග්ලාස්ගොව් සරසවිය | Getty Images



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි