×

ගුවන් සංචාරයක් මැද්දේ මේ කෑම ජාති කන්නේ බලාගෙනයි!

ගුවන්යානයක ගමන් කිරීමේදී පිලිගන්වන ආහාර නිසි ප්‍රමිතියට අනුකූලව නිපදවූ ඒවා බව අපි කවුරුත් හොදින් දනිමු. නමුත් ඇති ගැටලුව නම් පොලොව මට්ටමේ සිට සැතපුම් ගණනක් උඩදී බැක්ටීරියා වල ක්‍රියාකාරීත්වය ද ඉහළ අගයක් ගැනීමයි. බොහෝ විට පිලිගන්වනු ලබන ආහාර පෙර සැකසූ ඒවා නිසා ඒ මත බැක්‍ටීරියා ක්‍රියාකිරීම සිදු වීමයි. ගුවන් ගමන් වලදී පිලිගැන්වෙන ආහාර වල ආරක්ෂාව පිලිබද […]


ගුවන්යානයක ගමන් කිරීමේදී පිලිගන්වන ආහාර නිසි ප්‍රමිතියට අනුකූලව නිපදවූ ඒවා බව අපි කවුරුත් හොදින් දනිමු. නමුත් ඇති ගැටලුව නම් පොලොව මට්ටමේ සිට සැතපුම් ගණනක් උඩදී බැක්ටීරියා වල ක්‍රියාකාරීත්වය ද ඉහළ අගයක් ගැනීමයි. බොහෝ විට පිලිගන්වනු ලබන ආහාර පෙර සැකසූ ඒවා නිසා ඒ මත බැක්‍ටීරියා ක්‍රියාකිරීම සිදු වීමයි.

ගුවන් ගමන් වලදී පිලිගැන්වෙන ආහාර වල ආරක්ෂාව පිලිබද ප්‍රවීණයෙකු වන ජීන් ඩයිබෙල් පවසන පරිදි හෝටල් කර්මාන්තයේදී ඔවුන් පිලියෙල කරන ආහාර එසැනින්ම පිලිගන්වනු ලබන නමුත් ආගමන විගමන කර්මාන්තයේදී පිලියෙල කළ ආහාර පරිවෘත කළ ඇසුරුම් වල අසුරා ගුවන්ගමනට පෙර ගුවන්‍යානයට අසුරාගෙන ඒවා ගමන අතරවාරයේදී මගීන්ට පිලිගන්වනු ලබයි. මෙහිදී ආහාරයේ උෂ්ණත්වය පාලනයට ලක් කළ නොහැක.

නිවැරදි නොවන උෂ්ණත්වයන් යටතේ ඇති ආහාර භාවිතය ආහාර මගින් බෝවන රෝග රැසකට හේතුවේ. නමුත් මෙම තත්වය මග හරවා ගැනීමට වලාකුලු වලට ඉහළින් සිටින විට භාවිතා නොකළ යුතු ආහාර වර්ග කිසිපයක් ඩයිබෙල් පෙන්වාදියි.

1.කිරි ආහාර


ආහාර වල සුරක්ෂිත්භාවය පිලිබද විද්‍යාර්ථයන් පවසන්නේ යෝගට්, චීස්, අයිස්ක්‍රීම් වැනි කිරි ආහාර නියමිත උෂ්ණත්වයේ පමණක් අසුරා තබා භාවිතයට ගන්නා ලෙසයි. නමුත් නිවැරදි නොවන උෂ්ණත්ව යටතේ අසුරා තැබීම නිසා බැක්ටීරියා කිරාකරන ලද ආහාර අතම් විට ගන්ධයෙන් වුවද හදුනාගත නොහැක. මක් නිසාද යත් ලිස්ටෙරියා වැනි බැක්ටීරියාවන් ගන්ධයේ කිසිදු වෙනසක් ඇති නොකරම ආහාර මත පරිවෘත්තීය ක්‍රියා සිදුකරන බවයි.

2.මස් වර්ග


ගුවන් සේවකයන් විසින් පිලිගන්වනු ලබන බොහෝ සැන්විච්, බර්ගර් ආදියහි පිරවුම් ලෙස භාවිතා කොට ඇත්තේ පෙර සකසන ලද මස් වර්ගය. ඒවා පිලිගැන්වීමට පෙර නැවත රත් කිරීමේ ක්‍රියාපිලිවෙලකට ලක් නොවේ. එහෙයින් බොහෝ විට බැක්ටීරියා දහස් ගනනක් ඒ මත ක්‍රියාකර තිබේ.

3.අයිස්


පර්‍යේෂන වලට අනුව අයිස් මත බැක්ටීරියාවන්ට ජීවත් විය හැකිය. නිරුවත් අත් වලින් අයිස් කැට ඇල්ලීම නිසා බැක්ටීරියාවන් තව දුරටත් ව්‍යාප්ත වීම සිදුවේ. EHA උපදේශන සමුලුවේ විද්වතෙකු වන මෙල්වින් ක්‍රැමර් ට අනුව “ගුවන් ගමන් අතරවාරයේදී අයිස් භාවිතා නොකරන්න, බොහෝමයක් ගුවන් සේවකයන් තම දෑත් පිරිසිදු කරගන්නේ අයිස් තුලට දැමීමෙන් බව මා දැක ඇත”

4.අමු එලවලු හා පලතුරු

ඔඅබ ආහාරයට ගන්නට යන අමු එලවලු අඩංගු සලාදය පිලිබදව මදක් සිතන්න, පැය කිහිපයකට පෙර සකසා කිසිදු රත් කිරීමකට භාජනය නොකොට ඔබ වෙත එන එය දූෂිත නොවේ යැයි සිතනවාද?

කොමඩු, ලීක්ස් වැනි කොළ පැහැ එලවලු , පලතුරු වර්ග වගා බිම් වලදී පස,ජලය, හා පොහොරෙහි ඇති බැක්ටීරියා 1000ක් සමග ගනුදෙනු කරයි. නමුත් ඒවා නිවැරදි උෂ්ණත්වයේ නොතැබීම නිසා ඒ තුල බැක්ටීරියා වර්ධනය විනාඩි 20ක් තුල දෙගුණයක් දක්වා ඉහළ යයි.

5.බත්

නොපිසූ බත් තුල බැසිලස් සේරස් බැක්ටීරියාව ජීවත් වේ, බත් පිසීමට ලක් කළද එම විශේෂයට නොමැරී ජීවත් වීමේ හැකියාව පවතී. නමුත් බත් සිසිල් කිරීම හෝ නිවැරදි උෂ්ණත්වයේ ගබඩා නොකිරීම නිසා බැසිලස් ස්පොර්ස් බැක්ටීරියාවද ඒ තුල වර්දනය වීම ආරම්භ විය හැක. බැසිලස් බැක්ටීරියා වෂට මිනිසකුව දින ගනනක් ලෙඩ කර තබීමේ හැකියාව පවතී.

මෙසේ සෑම ආහාරයම පාහේ දූෂිත තත්වයේ පවතී නම් ආහාරයට ගත යුත්තේ මොනවාදැයි ඔබ සිතනවා වන්නට පුලුවන. නිතරම රත් කර පිලිගන්වන ඉස්ටු වර්ග, සුප් වර්ග, අසුරන ලද පාන්, බිස්කට්, වෙනත් බේකරි වර්ග, පොත්ත ගලවා ඉවත් ක්ළ හැකි දොඩම්,කෙසෙල් වැනි පලතුරු වර්ග, බෝතල් කළ පානීය ජලය, සෝඩා වර්ග, තේ, කෝපි වැනි උනු බීම වර්ග භාවිතය කිසිදු ගැටලුවක් ඇති නොකරයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි