×

ගෝලීය කොරෝනා ආසාදිතයින් මිලියන 8 ඉක්මවයි

ගෝලීය Covid 19 ආසාදිතයින් මිලියන 8 ඉක්මවා ඇති බව ජෝන් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ වාර්තා පෙන්වා දෙයි. 


ගෝලීය Covid 19 ආසාදිතයින් මිලියන 8 ඉක්මවා ඇති බව ජෝන් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ වාර්තා පෙන්වා දෙයි.

එම වාර්තා අනුව 8,018,742ක් ලෙසයි ආසාදිතයින් ගණන දැක්වෙන්නේ.

එමෙන්ම  ගෝලීය මරණ මේ වන විට  436,406  තිබේ.

තවදුරටත් මෙම වෛරසයේ ව්‍යාප්තිය සිදුවෙමින් තිබෙන අතර චීනයේ යළි වෛරසය ව්‍යාප්ත වෙමින් පවතියි.

ඒ අනුව බිජිං වෙතින් ආසාදිතයින් 100කට වැඩි පිරිසක් වාර්තා වී තිබෙන අතර බිජිං හි සින්ෆාඩි තොග වෙළෙඳපොළ වෙතද විරසය ව්‍යාප්ත වීම නිසා මේ වන විට එයද වසා දමා ඇති බවයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ.

මෙම වෙළෙඳපොලේ කොරෝනා වෛරස් පොකුර සෙසු පළාත්වලට  ව්‍යාප්ත වී ඇති බවට එරට ජාතික සෞඛ්‍ය සේවාව විශ්වාසය පළකර ඇත.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි