×

චිත්‍රපටයකට සමාන බිහිසුණු රිය අනතුරක් ඉන්දියාවේ

ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් හි බස් රියක් සහ ට්‍රක් රථයක් එකිනෙක ගැටීම නිසා රථ දෙකම ගිනිගෙන විනාශ වූයේ අවම වශයෙන් 20 දෙනක් පමණ මරුමුවට පත් කරමිනි.


ගිනිගන්නා බස්රිය සහ ට්‍රක් රථය දැක්වෙන මෙම ඡායාරූපය මේ වන විට ලෝකයේ විශාල වශයෙන් කතා බහට ලක්වන්නේ එය ත්‍රාසජනක චිත්‍රපටයක දසුනක් සිහිගන්වන නිසා ය.

හින්දුස්ථාන් ටයිම්ස් වාර්තාවට අනුව මෙහිදී අනතුරට ලක්ව ඇත්තේ ඩබල් ඩෙකර් බස් රථයකි.

බ්‍රහස්පතින්දා රාත්‍රියේ සිදුවූ මේ අනතුරින් බොහෝ දෙනෙක් බස් රිය තුළම සිරවී ගිනිබත් වී ඇති අතර, කිහිප දෙනෙක් එයින් ගැළවී පළා යන්නට සමත් වී තිබේ.

පුද්ගලික මගී ප්‍රවාහන සමාගමකට අයත් බස් රථයක් වූ මෙහි අනතුරට ලක් වන අවස්ථාවේදී මගීන් 25 දෙනෙකු පමණ සිටි බව දැක්වේ.

උත්තර් ප්‍රදේශ් මහ ඇමති යෝගි ආනන්දන් මෙම සිදුවීමට සහ මෙම ඡායාරූපයට ලැබුණු ප්‍රචාරය ද හේතුකොටගෙන, මිය ගිය අය වෙනුවෙන් ළඟම ඥාතීන්ට ඉන්දීය රුපියල් ලක්ෂ 2 බැගින් ගෙවන්නට ද, තුවාළකරුවන් වෙත ඉන්දීය රුපියල් පණස් දහස බැගින් ලබාදෙන්නට ද නියම කර තිබේ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි