×

චීනයේ චන්ද්‍ර මෙහෙයුම සාර්ථකයි – වර්ණ ඡායාරූප සමග වසර 44 කට පසු චන්ද්‍ර දුහුවිලි පෘථිවියට

චීනය Chang'e-5 මෙහෙයුමේ පළමු වර්ණ ඡායාරූප පෘථිවිය වෙත එවයි


චීන අජටාකාශ වැඩසටහනේ Chang’e-5 චැන්ග්‘ඉ-5 චන්ද්‍ර යානය සාර්ථක ලෙස සඳ මතුපිටට ගොඩ බැසීමට සමත් වූයේ ජාත්‍යන්තර පුවත් මවමිනි. එම යානයේ ‘පාද‘, චන්ද්‍රයාගේ ‘පස‘ මතට සෘජුව ස්පර්ශ වූයේ පසුගිය සතියේ පෘථිවියේ සිට දියත් කළ අලුත්ම චන්ද්‍ර මෙහෙයුම ද සාර්ථක කර ගනිමිනි.

එසේ සඳ මතුපිටට ගිය වහාම එය චන්ද්‍රයාගේ පාෂාණ සහ දුහුවිලි එකතු කරන්නට පටන් ගත්තේ ඒවා පෘථිවිය වෙතට එවීමට ය. ඒ, චන්ද්‍රයාගේ අසිරිමත් වර්ණ ඡායාරූපවලට අමතරව ය. ඒ සඳහා යොදා ගැනෙන්නේ යාන්ත්‍රික ඉස්කෝප්පයක් සහ විදුම් යන්ත්‍රයකි.

පසුව එම සාම්පල දැනටමත් පෘථිවියේ කක්ෂගත කර තිබෙන අජටාකාශ යානාවකට ලබාදෙන අතර, එමගින් ඒවා පෘථිවිය වෙතට ගෙන එනු ඇත. ඒ අනුව මේ සතියේ බ්‍රහස්පතින්දා දිනය වන විට, වසර 44කට පසුව ප්‍රථම වතාවට චන්ද්‍ර දුහුවිලි පෘථිවි මිනිසා සතු වනු ඇත.

ගතවූ වසර 7 තුළ චීනය තුන්වැනි වරට දියත් කළ චන්ද්‍ර මෙහෙයුම මෙයයි. මෙයට පෙර Chang’e-3 සහ Chang’e-4 වශයෙන් මෙහි පෙර පියවර දෙක සාර්ථක කර ගැනීමට චීනය සමත් වී තිබේ. කෙසේ නමුත් මෙවර චන්ද්‍ර මෙහෙයුම පෙර ඒවාට වඩා සංකීර්ණභාවයක් උසුළයි.

Moon graphic
Presentational white space

මෙම  Chang’e-5 මෙහෙයුමේ ප්‍රධාන අරමුණ වන්නේ ද චන්ද්‍ර සාම්පල පෘථිවිය වෙත ගෙන ඒම වේ. ඒවා කිලෝ කිහිපයක බරින් යුක්ත වනු ඇත.

Lander
CNSA

මෙයට පෙර අවසන් වරට චන්ද්‍රයාගේ මතුපිටින් පස් සාම්පල සහ පාෂාණ ගෙන එනු ලැබුවේ වසර 44කට පෙර ඇමරිකාව විසින් යැවූ ඇපලෝ යානයේ ගගනගාමීන් සහ සෝවියට් දේශය විසින් යැවූ ලූනා යානාවල රොබෝවන් විසිනි. ඒ අනුව කිලෝ 400 ක පමණ චන්ද්‍ර සාම්පල අනාගත පර්යේෂණ සඳහා ගෙන එනු ලැබිණි. මේ මෙහෙයුමේ ඇති විශේෂත්වය වන්නේ මෙම චීන යානය ගොඩ බැස තිබෙන්නේ ඇමරිකාව සහ සෝවියට් දේශය ගොඩ බැසි ස්ථානවලට බෙහෙවින් දුරස්ථ ස්ථානයක වීමයි. ඒ අනුව මෙම ස්ථානයෙන් ලබාගන්නා නියැදි වල සුවිශේෂී ලක්ෂණ තිබෙන්නට පුළුවන. මෙයට පෙර ලබාගත් සාම්පල ද වසර බිලියන 3 ක් වියපත් බව හෙළි වී ඇත.

චීනය මීට පෙරත් සඳට ගියාද?

චීනය මීට පෙර ද කිහිප වරක්ම  සඳට ගොස් ඇත.

චීනයේ චන්ද්‍ර ගවේෂණ වැඩසටහන නම් කර තිබෙන්නේ චැන්ග්‘ඉ යනුවෙනි. එයට හේතුව, චීන ජාතිකයන් විශ්වාස කරන ආකාරයට චන්ද්‍රයාට අධිපති දේවතාවියගේ නම Cháng’é Gōngchéng ය.

2007 වසරේදී චීනය Chang’e 1 නමින් සිය ප්‍රථම මෙහෙයුම ක්‍රියාත්මක කළේය. එය චන්ද්‍ර කක්ෂ යානාවකි. එනම් චන්ද්‍රයාගේ කක්ෂයට පිවිස එහි භ්‍රමණය වෙමින් සිටියේය. Chang’e 2 ද එසේ ම විය. මේ අතර Chang’e 3 යානය 2013 දෙසැම්බර් මාසයේදී සඳ වෙත යැවුණු අතර, එය රෝවරයකින් සහ ලෑන්ඩරයකින් සමන්විත විය. මෙය චීනය සඳ මතුපිටට යැවූ පළමු යානයයි.

2019 ජනවාරි 3 වැනිදා Chang’e 4 යානය සඳේ ඈතම පෙදෙසට ගොඩ බැසි යානය බවට පත් විය. මෙම ඈතම පෙදෙස ‘එයිට්කන් ආවාටය‘ නම් වේ.

චීනයේ චන්ද්‍ර ගවේෂණ වැඩසටහනේ අවසන් ඉලක්කය සඳ මතුපිටට මිනිසුන් යැවීමයි. දක්ෂිණ ධ්‍රැවය හෙවත් චන්ද්‍රයාගේ ඈතම කෙළවර චීනය විසින් නතු කර ගැනීමට සැරසීමක් ලෙස ද ඇතැම් අය මෙය හඳුන්වති.

ඉදිරි දස වසර ඇතුළත එනම් 2029-20130 අතර කාලයේදී මේ සිහිනය සැබෑ කර ගැනීමට චීනය අපේක්ෂා කරයි.

මෙවර ගොඩ බැස්සේ ගිනිකඳු පෙදෙසකට

මෙම චීන යානය ගොඩ බැස තිබෙන්නේ ‘මොන්ස් රූම්කර්‘ (Mons Rümker) නමැති ගිනි කඳු බහුල ප්‍රදේශයට ය. එම ස්ථානය වසර බිලියන 1.2 ක් හෝ වසර බිලියන 1.3 කට වඩා පැරණි නැති බව සැලකේ. ඒ අනුව චන්ද්‍රයාගේ වඩාත් මෑත කාලීන ඉතිහාසයක් ගැන තොරතුරු එය අපට කියා දීමට ඉඩ ඇත. ඒ සඳහා ‘ක්‍රොනෝමීටර‘ තාක්ෂණය එනම්, සෞරග්‍රහ මණ්ඩලයේ අභ්‍යන්තර ග්‍රහයන්ගේ මතුපිට වයස මනින තාක්ෂණය යොදාගැනීමට නියමිත යි.

Shadow of landing leg
CNSA
චීනයේ චන්ද්‍රයානයේ පාදවල සෙවණැල්ල සඳ මත වැටී



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි