×

චීන බල ව්‍යාප්තියට එරෙහි හොංකොං අරගල: අත්අඩංගුවට පත් විරෝධතාකරුවන් 15කට ඇප

අඛන්ඩ නඩු විභාගයකින් පසු හොංකොං හි සිවිල් ක්‍රියාකාරීන් 47 දෙනාගෙන් 15 දෙනෙකුට ඇප ලබා දී ඇතත් නැවත අභියාචනයක් ඉදිරිපත් කරමින් මුළු කණ්ඩායමම තවම අත්අඩංගුවේ පසුවෙයි.


දැනට මාස ගණනක සිට හොංකොං හි චින බල ව්‍යප්තිය හේතු කොට ගෙන ඇතිව තිබෙන සිවිල් උද්ඝෝෂණ තවමත් සමස්තය නිමාවට පත් වි නොමැත.

සමාජ හා ද්ශපාලනික ස්ථාවරත්වය ගෙන ඒමට අවශ්‍ය බව පවසමින් චීනය පසුගිය වසරේ නව ආරක්ෂක නීතියක් සම්මත කළේය.

චිනය ඉදිරිපත් කල නව ආරක්ෂණ නීතිය යටතේ ඔවුන්ට එරෙහිව චෝදනා එල්ල වූයේ නගරයේ කලහකාරිත්වයට උසිගැන්වීම යන චෝදනාවයි; එය ආරක්ෂාවට තර්ජනයක් යන්න බවයි.

මෙම සිවිල් ක්‍රියාකාරීන්, පිරිමි පුද්ගලයින් 39 දෙනෙක් සහ කාන්තාවන් අට දෙනෙකුගෙන් යුක්තය.

පසුගිය මාසයේ සිදුකල වැටලීම්වලදී අත්අඩංගුවට ගත් මොවුන් සියල්ල 55 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් අතර වේ. සිවිල් ක්‍රියාකාරීන් 47 දෙනා අත්අඩංගුවේ පසුවන අතර 15 දෙනාගේ ඇප තීන්දුවට එරෙහිව චින අධිකරණ දෙපාර්තමේන්තුව අභියාචනයක් ඉදිරිපත් කර තිබේ.

සම්මත කල නව ජාතික ආරක්ෂක නීතියේ වඩාත් ප්‍රබලතම යෙදුම වන්නේ ජාතික ආරක්ෂාව මැයෙන් කඩාකප්පල් කිරීම හා කුමන්ත්‍රණය කිරීමේ චෝදනාව මත එවැනි පුද්ගලයින්ට ජීවිතාන්තය දක්වා සිරද දඬුවම් හිමිකර දිමයි.

විරෝධතා ව්‍යාපාරයේ කැපි පෙනෙන පිරිස් අතර, බෙනී තායි සහ දේශපාලනඥයෙකු වූ ලියුං ක්වොක්-හං මෙන්ම ග්විනේත් හෝ, සෑම් චියුන්ග් සහ ලෙස්ටර් ෂුම් වැනි තරුණ විරෝධතාකරුවන් වෙති.

මේ සම්බන්ධව අදහස් දැක්විම නිසා චීනයේ ප්‍රමුඛ පෙළේ මාධ්‍ය විචාරකයෙකු සහ මාධ්‍ය හිමිකරුවෙකු වන ජිමී ලයි ඇතුළු පුද්ගලයින් 100 දෙනෙකු පමණ ද එරට ආරක්ෂක නීතිය යටතේ අත්අඩංගුවට ගෙන තිබේ .

එක්සත් රාජධානියේ විදේශ ලේකම් ඩොමිනික් රාබ් පසුගිය සඳුදා කියා සිටියේ ක්‍රියාකාරිකයින් 47 දෙනාට එරෙහිව චෝදනා ඉදිරිපත් කිරීමට ගත් තීරණයට කණගාටුව ප්‍රකාශ කරන බවයි. (බීබීසී ඇසුරින්)

සහන් හේවාගමගේ



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි