×

චීන සිනොවැක් එන්නත පිළිබදව අත්හදා බැලීම් සිදුකළ ඉන්දිනීසියානු කණ්ඩායමේ ප්‍රධාන විද්‍යාඥවරිය මියයයි – හේතුව COVID-19 ආසාදනය බව සැක කරයි.

පසුගිය බදාදා දින තුළ පමණක් ඉන්දුනීසියාවෙන් කොවිඩ් මරණ 1000කට අධික සංඛ්‍යාවක් හා ආසාදිතයන් 34379ක් වාර්තා වී ඇත.


 

චීන සිනොවැක් එන්නත පිළිබදව ඉන්දුනීසියාවේ අත්හදා බැලීම් කණ්ඩායමේ ප්‍රධාන විද්‍යාඥවරිය වන නොවිලියා සාෆ්රි බැචියාර් මියගොස් ඇති අතර මරණයට හේතුව වී ඇත්තේ කොවිඩ් වෛරසය යැයි සැකකරන බව එරට මාධ්‍ය වාර්තා කරයි.

නොවිලියා කොරෝනා වෛරසය හේතුවෙන් මිය ගොස් ඇති එරට ප්‍රාදේශීය මාධ්‍ය ගණනාවක් වාර්තා කර ඇත. ඇය බටහිර ජාවා හි බන්ඩුන්ග් හි රෝහලක දී COVID-19 සඳහා ප්‍රතිකාර ලබා ගැනීමෙන් පසු මිය ගිය බව කොම්පාස් මාධ්‍ය සේවය වාර්තා කර තිබේ.

සීනෝවැක් එන්නත වැඩිපුරම භාවිතා කර ඇති රටවලින් එකක් වන ඉන්දුනීසියාවේ කොරෝනා වෛරසය හේතුවෙන් සිදුවන මරණ තවදුරටත් ඉහළ යමින් පවතී.

නොවිලියාගේ මරණය පිළිබද අදහස් දක්වන රාජ්‍ය ව්‍යවසාය අමාත්‍ය එරික් තෝහිර් සිය ඉන්ස්ටග්‍රැම් පිටුවේ සදහන් කර ඇත්තේ ඇයගේ නික්මයාම එන්නත නිපදවන බයෝෆාර්මා ආයතනයට “විශාල පාඩුවක්” බවයි. කෙසේ නමුත් ඔහු මරණයට හේතුවක් සඳහන් කර නොතිබුණි.

විද්‍යාඥවරිය මරණය පිළිබඳව බයෝෆාර්මා ආයතනය තවමත් ප්‍රතිචාරයක් දක්වා නොමැති බව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.

සිනොවැක් එන්නත ලබාගත් ඉන්දුනිසියාවේ සෞඛ්‍ය සේවාවලට අදාල පිරිස් මියයාම හේතුවෙන් සිනොවැක් එන්නතේ ඵලදායීතාවය පිළිබදව ගැටලු පැනනැගී ඇත. ස්වාධීන දත්ත කාණ්ඩයක් වන Lapor COVID-19 ට අනුව, සිනොවැක් එන්නත ලබාගත් සෞඛ්‍ය සේවකයින් 131 ක් ජුනි මාසයේ සිට මේ දක්වා මියගොස් ඇත.

පසුගිය බදාදා දින තුළ පමණක් ඉන්දුනීසියාවෙන් කොවිඩ් මරණ 1000කට අධික සංඛ්‍යාවක් හා ආසාදිතයන් 34379ක් වාර්තා වී ඇත.

 



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි