×

ජනපතිකම අහිමි වූ ට්‍රම්ප්ට බිරිඳත් අහිමි වන ලකුණු

"ට්‍රම්ප් සිය ධූරයේ සිටියදී ඔහුට නින්දා කරමින් මෙලනියා ඔහුව හැරගියහොත් ඔහු ඇයට දඬුවම් කිරීමට ක්‍රමයක් අනිවාර්යෙන් සොයාගනු ඇත" ඇය තවදුරටත් පවසා ඇත.


ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට සිය ජනාධිපති ධූරය අහිමි වූ සේම සිය බිරිඳ වන මෙලනියා ට්‍රම්ප්වද අහිමි වීමට යන බව වාර්තා වේ.

2016 දී සිය සැමියා ජයග්‍රහණය කළ විට මෙලනියා ට්‍රම්ප් කඳුළු සැලූ සිද්ධිය අදටත් ප්‍රසිද්ධියක් උසුලයි. නමුත් ඇගේ එක් මිතුරෙකු පවසා ඇත්තේ ‘ඔහු ජයග්‍රහණය කරනු ඇතැයි ඇය කිසි විටෙකත් බලාපොරොත්තු නොවූ’ බවයි.

ඇය නිව්යෝක් සිට වොෂිංටන් බලා යාමට මාස පහකට පෙර සිටම බලා සිටියේ යුවළගේ පුත් බැරන් ‘පාසැල් අධ්‍යාපනය අවසන් කිරීමට අවශ්‍ය නිසා’ යැයි කියමිනි. එහෙත් හිටපු සහායක ස්ටෙෆනි වොල්කොෆ් කියා සිටියේ ට්‍රම්ප්ගේ ධනයෙන් සමාන කොටසක් බැරන් හට ලබා දීම සඳහා මෙලනියා පශ්චාත් විවාහ ගිවිසුමක් සඳහා සාකච්ඡා කරමින් සිටින බවයි.

වොල්කොෆ් මහත්මිය සඳහන් කරන්නේ ට්‍රම්ප් හා මෙලනියා අතර ඇත්තේ හුදෙක් ‘ගනුදෙනු විවාහයක්’ බවයි.

හිටපු සහායක ඔමරෝසා මැනිගෝල්ට් නිව්මන් කියා සිටියේ මෙම යුවළගේ අවුරුදු 15 ක විවාහය අවසන් වී ඇති බවයි. “මෙලනියා ට්‍රම්ප් සිය ධුරයෙන් ඉවත්ව යන තෙක් ඇගිලි ගනිමින් බලා සිටින්නේ ඔහුගෙන් දික්කසාද වීමටයි.” මැනිගෝල්ට් පවසා ඇත. “ට්‍රම්ප් සිය ධූරයේ සිටියදී ඔහුට නින්දා කරමින් මෙලනියා ඔහුව හැරගියහොත් ඔහු ඇයට දඬුවම් කිරීමට ක්‍රමයක් අනිවාර්යෙන් සොයාගනු ඇත” ඇය තවදුරටත් පවසා ඇත.

මෙසේ වාර්තා වුවද, 50 හැවිරිදි ට්‍රම්ප් මහත්මිය තම ස්වාමිපුරුෂයා වන 74 හැවිරිදි ඩොනල්ඩ් ට්‍රම්​ප් සමඟ ‘හොඳ සම්බන්ධතාවයක්’ ඇති බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරයි. මේ අතර, ඔවුන් කිසි විටෙකත් තර්ක නොකරන ලෙස ට්‍රම්​ප් තරයේ කියා සිටී.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි