×

ජීවත් වීම යනු ආශා කිරීම හෝ රැස් කිරීම නොව, බෙදා ගැනීම සහ දීමයි .. පාප් වහන්සේගෙන් පණිවිඩයක්

උන් වහන්සේ සිය දේශනයේදී පවසා සිටියේ…අප හට අප වටා ඇති මේ සියලු ලෞකික සම්පත් අවශ්‍යයද මට මේ අවශ්‍යතාවක් නැති අමතර දෑ සියල්ල නොමැතිව ජීවිතය ඉතාමත් සරල ලෙස ගෙන යන්නට නොහැකිද? යන්න අප සියල්ලන් තමන් විසින්ම විමසිය යුතු ප්‍රශ්නයක් බවයි.


ලෞකික සැප සම්පත් හඹා නොයන්න…වහන්සේ ගෙන් දියුණු රටවලට පණිවිඩයක් දුප්පතුන් ගැන සිතන්න පාප් වහන්සේ ගෙන් වහන්සේ මෙවර නත්තල් දේව මෙහෙය අතර තුර  දියුණු රටවලට පණිවිඩයක් ලබා දුන් සේක.

සංවර්ධිත රටවල ජනතාව හට සරල ජීවිතයක් ගැන සිතන්නට කාලය පැමිණ ඇතැයි පාප් වහන්සේ මෙවර නත්තල සමරමින් වතිකානුවේ බැසිලිකා දේව මෙහෙය පවත්වමින් පවසා සිටිසේක. දියුණු රටවල ජනතාව ලෞකික සැප සම්පත් පසු පස යමින් සිටියදී දුප්පත් රටවල ජනතාව දුප්පත් කමින් පීඩා විඳින බව උන්වහන්සේ දේශනා ක‍ළ සේක.

අවුරුදු 82ක් වයසැති ෆ්‍රැන්සිස් පාප් වහන්සේ පවසා බැසිලිකාවේ ශාන්ත පීතර් දෙවු මැදුරේ දේව මෙහෙය අතර තුර සියලු ලෝකවාසී කිතුණු බැති මතුන් වෙත කියා සිටියේ ක්‍රිස්තුස් වන්සේගේ උපත ජීවිතය නව මගක් වෙත යොමු කරන බවයි එනම් ජීවත් වීම යනු ආශා කිරීම හෝ රැස් කිරීම නොව බෙදා ගැනීම සහ දීමයි.

උන් වහන්සේ සිය දේශනයේදී  පවසා සිටියේ…අප හට අප වටා ඇති මේ සියලු ලෞකික සම්පත් අවශ්‍යයද මට මේ අවශ්‍යතාවක් නැති අමතර දෑ සියල්ල නොමැතිව ජීවිතය ඉතාමත් සරල ලෙස ගෙන යන්නට නොහැකිද? යන්න අප සියල්ලන් තමන් විසින්ම විමසිය යුතු ප්‍රශ්නයක් බවයි.

තවමත් බෙහෝමයක් දෙනා තමන්ට අනවශ්‍ය අමතර ලෞකික සම්පත් හිමිකර ගනිමින් ජීවිතයේ අරුත සොයමින් සිටී. අසීමිත අශාවල් විසින් මිනිස් ඉතිහාසය ගොඩනගමින් තිබේ. බෙහෝ පිරිසක් ජීවත් වන්නට දෛනික ආහාර වේල හෝ නොමැතිව දුක් විඳිමින් සිටියදී මිනිසුන් සුළු පිරිසක් විසින් ඉතා සැපවත් ලෙස රස බොජුන් වළඳමින් සිටී. උන් වහන්සේ දේශනා කළහ.
“Urbi et Orbi” හෙවත් නගරයෙන් ලෝකයට පාප් වහන්සේගේ නත්තල් පණිවිඩය ශාන්ත පීතර් දේවස්ථානයේ සිට උන්වහන්සේ විසින් ගෙන එන්නට නියමිතය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි