×

ජූලි අවසන් සති දෙකේ ඇමරිකාවේ දරුවන් 97,000ක් කොරෝනා ආසාදිතයින්

පසුගිය මැයි මාසයේ සිට මේ දක්වා වෛරසය ආසාදනය වීමෙන් දරුවන් 86 දෙනකු පමණ මිය ගොස ඇති අතර ජෝජියාවේ වයස අවුරුදු 07ක පිරිමි දරුවෙකු ලාබාලතම කොරෝනා වෛරස් ගොදුරක් බවට පත්ව තිබේ. 


 

ජූලි මස අවසාන සති දෙකේ ඇමරිකාවේ දරුවන් 97,000කට වැඩි පිරිසකට Covid 19 වෛරසය ආසාදනය වී තිබෙන බව වාර්තා වෙයි.

ඇමරිකානු ළමා රෝග පිළිබඳ ඇකඩමිය සහ ළමා රෝහල් සංගමය විසින් ප්‍රකාශයට පත්කරන ලද වාර්තාවක් මඟින් මේ බව අනාවරණ වී තිබේ. රට පුරා කරන ලද අධ්‍යයනයකින් තහවුරු වී තිබෙන්නේ එම සති දෙක තුළ වෛරසය ආසාදනය වූ ළමා රෝගීන් 40%න් වැඩි වී ඇති බවයි.

වෛරසයෙන් දරුවන්ට විශාල අවදානමක් නොමැති බව ඇමරිකානු ජනාධිපතිවරයාගේ සිට ඉහළ බලධාරීන් පවසා ඇති නමුත් වැඩිහිටියන්ට මෙන්ම දරුවන්ට ද රෝග සම්ප්‍රේෂකයින් විය හැකි බව අධ්‍යයනකින් තහවුරු කර තිබේ.

ඒ අනුව දරුවන් හා තරුණයින් අතර වෛරසය ව්‍යාප්තිය සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමුකළ යුතුව ඇති බවයි රෙරට සෞඛ්‍ය බලධාරීන් පෙන්වා දී තිබෙන්නේ.

පසුගිය මැයි මාසයේ සිට මේ දක්වා වෛරසය ආසාදනය වීමෙන් දරුවන් 86 දෙනකු පමණ මිය ගොස ඇති අතර ජෝජියාවේ වයස අවුරුදු 07ක පිරිමි දරුවෙකු ලාබාලතම කොරෝනා වෛරස් ගොදුරක් බවට පත්ව තිබේ.

ASK



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි