×

ශුද්ධ වූ ජේරුසලමේ වෙඩි තැබීමක්

බටහිර තාප්පය යුදෙව් ආගමේ ශුද්ධ වූ ස්ථානවලින් එකක් වන අතර සෑම වසරකම දහස් ගණන් බැතිමතුන් යාඥා කිරීම සඳහා එම ස්ථානයට වන්දනාවේ යයි. මෙම ස්ථානය පලස්තීන - ඊශ්‍රායල් දෙපිරිසම අයිතිවාසිකම් කියන, මුස්ලිම් මෙන්ම කතෝලික බැතිමතුන්ගේද වැදගත් පූජනීය ස්ථානයකි.


ලෝක උරුම පූජනීය ස්ථානයක් වන ජේරුසලමේ වෙඩි තැබීමකින් පුද්ගලයන් හත් දෙනෙකු තුවාල ලබා ඇති බවත් ඉන් දෙදෙනකුගේ තත්වය බරපතල බව ඊශ්‍රායල බලධාරීන් නිවේදනය කර ඇත.
ප්‍රාදේශීය වේලාවෙන් 01:24 ට (GMT 22:24) පමණ ඓතිහාසික බටහිර තාප්පය අසල රථගාලක දී බස් රථයක් ඉලක්ක කරගෙන මෙම වෙඩි තැබීම සිදුව ඇත.

ගිලන්රථ සේවය වන මැගන් ඩේවිඩ් ඇඩොම් (MDA) පැවසුවේ අසාධ්‍ය තත්ත්වයේ සිටින දෙදෙනෙකු ඇතුළු කිහිප දෙනෙකුට ප්‍රතිකාර කරන බවයි. පිරිමි හය දෙනෙකු සහ එක් කාන්තාවක් මෙම වෙඩි තැබීමට ලක්ව ඇත. පොලිස් ප්‍රකාශකයෙකු පැවසුවේ නිලධාරීන් ප්‍රදේශය ආරක්‍ෂා කිරීම, සිද්ධිය විමර්ශනය කිරීම සහ පලා ගිය සැකකරුවන් සෙවීම ආරම්භ කර ඇති බවයි. එමෙන් ම මෙම සිද්ධිය ත්‍රස්ත ප්‍රහාරයක් ලෙස සැලකෙන බවත් නිවේදනය කර තිබේ.

බටහිර තාප්පය යුදෙව් ආගමේ ශුද්ධ වූ ස්ථානවලින් එකක් වන අතර සෑම වසරකම දහස් ගණන් බැතිමතුන් යාඥා කිරීම සඳහා එම ස්ථානයට වන්දනාවේ යයි. මෙම ස්ථානය පලස්තීන – ඊශ්‍රායල් දෙපිරිසම අයිතිවාසිකම් කියන, මුස්ලිම් මෙන්ම කතෝලික බැතිමතුන්ගේද වැදගත් පූජනීය ස්ථානයකි.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි