×

ට්‍රම්ප් අපරාධ චෝදනා වෙනුවෙන් අද අධිකරණයට

එක් අධි චෝදනානකට හෝ හිටපු ජනාධිපතිවරයාට මුහුණ දීමට සිදුවනු ඇතැයි නීතිඥවරු විශ්වාස කරන අතර ඔහුට එරෙහිව චෝදනා 30ක් පමණ ඇති බව එක්සත් ජනපද මාධ්‍ය වාර්තා කර තිබේ.


අපරාධ නඩුවකට මුහුණ දෙන ප්‍රථම ජනාධිපතිවරයා වශයෙන් එක්සත් ජනපද හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අද(04)නිව් යෝර්ක්හි මෑන්හැටන් උසාවි සංකීර්ණය වෙත රැගෙන යාමට අපේක්ෂා කරන බව වාර්තා වේ.

දේශීය වේලාවෙන් 14:15 ට (19:15 BST)ආරම්භ වීමට නියමිත නඩු විභාගයේදී එක් අධි චෝදනානකට හෝ හිටපු ජනාධිපතිවරයාට මුහුණ දීමට සිදුවනු ඇතැයි නීතිඥවරු විශ්වාස කරන අතර ඔහුට එරෙහිව චෝදනා 30ක් පමණ ඇති බව එක්සත් ජනපද මාධ්‍ය වාර්තා කර තිබේ.

මෙහිදී ප්‍රධාන වශයෙන් වැඩිහිටි චිත්‍රපට තරුවක් වන ස්ටෝමි ඩැනියෙල්ස් වෙත ඩොලර් 130,000 (පවුම් 105,000) මුදලක් ලිංගික අල්ලස් වශයෙන් ලබා දීම වෙනුවෙන් වන හෂ් මුදල් ගිවිසුම් මෙහිදී ප්‍රධාන වේ. හෂ් මුදල් ගිවිසුම් නීති විරෝධී නොවන නමුත් ගෙවීම් සම්බන්ධයෙන් ව්‍යාපාරික වාර්තා ව්‍යාජ ලෙස සකසා ඇත්දැයි විමර්ශනය කෙරෙනු ඇත.

සියලුම චෝදනාවන් වෙනුවෙන් ට්‍රම්ප් නිවරැදිකරු ලෙස භාර ගන්නා බව ඔහුගේ විනිසුරුවන් ප්‍රකාශ කරන අතර හිටපු ජනාධිපතිවරයා උසාවියට ​​ඉදිරිපත් කිරීමට පෙර මැන්හැටන් දිස්ත්‍රික් නීතිඥ ඇල්වින් බ්‍රැග්ගේ කාර්යාලයට භාර වීමට අපේක්ෂා කෙරේ.

නිව්යෝක් බලධාරීන් විසින් ටුම්ප්ගේ ආධාරකරුවන්ගේ සහ විරුද්ධවාදීන්ගේ පෙළපාලි අපේක්ෂාවෙන් අමතර ආරක්ෂක විධිවිධාන ක්‍රියාත්මක ඇති අතර උසාවිය තුළ මාධ්‍යවේදීන්ට රැදී සිටිමට ඇති ඉඩකඩ අවහිර කර ඇත.


නඩු විභාගයෙන් අනතරුව හිටපු ජනාධිපතිවරයා ඇප මත නිදහස් කරනු ඇතැයි අපේක්ෂා කරන අතර ඔහුගේ ෆ්ලොරිඩා නිවසට මාර්-ඒ-ලාගෝහි මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වීමට ද මේ වන විට සැළසුම් කර ඇති බව වාර්තා වේ. මේ වන විටත් හිටපු ජනාධිපතිවරයාගේ පැමිණීම අපේක්ෂාවෙන් මෑන්හැටන් නිවස වන ට්‍රම්ප් ටවර් අවට මංසන්ධිය නිව්යෝර්ක් වැසියන්ගෙන් මෙන්ම සංචාරකයන්ගෙන්ද පිරී පවතින බව අනාවරණය‌ වේ.

සශිකලා මධුෂාණී_

වැඩිදුර කියවීම් සඳහා : ‘ට්‍රම්ප්ට හිරේ ගියත් දිනන්න පුළුවන්; දෙවියන් ඉන්නේ ඔහුගේ අතේ’

ට්‍රම්ප්ට අවුලක් නැත. ඇමරිකානු නීතියට ජය වේවා!



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි