×

ට්විටර් සම-නිර්මාතෘ ජැක් ඩෝර්සි ඉල්ලා අස් වෙයි

ට්විටර් සම-නිර්මාතෘ ජැක් ඩෝර්සි එම සමාගමේ ප්‍රධාන විධායක ධුරයෙන් ඉල්ලා අස්වෙයි.


ඔහු වෙනුවට වත්මන් ප්‍රධාන තාක්ෂණික නිලධාරියා වන පරග් අග්‍රවාල් පත් කරනු ඇති බව ට්විටර් සඳහන් කළේය.

2006 දී Twitter සම-ආරම්භ කළ Dorsey, Twitter සහ payment firm Square සමාගම් දෙකෙහිම ප්‍රධාන විධායක නිලධාරියා ලෙස සේවය කර ඇත.

සිය සමාගම “ඉදිරියට යාමට සූදානම්” බව පවසමින් “අවසානයේ මට ඉවත් වීමට මේ කාලයයි” යනුවෙන් ඔහු ට්විටර් සටහනක් තබා තිබේ.

එම තනතුරට යෝජිත අග්‍රවාල් 2011 හි ට්විටර් සමාගමට සම්බන්ධ වූ අතර 2017 සිට ඔහු සමාගමේ තාක්‍ෂණ ප්‍රධානියා වේ.

ඩෝර්සි හට පසුගිය වසරේ ඉවත් වන ලෙස සමහර ආයෝජකයින්ගෙන් බලපෑම් එල්ල වී ඇත.

ඔහුගේ ඉවත්වීම පිළිබඳ කටකතා පැතිරීමත් සමඟ Twitter හි කොටස් මිල සුළු වශයෙන් ඉහළ ගියේය.

45 හැවිරිදි ජැක් ඩෝර්සි 2006 වසරේදී Biz Stone, Evan Williams සහ Noah Glass සමඟ එක්ව මෙම සමාගම ආරම්භ කළහ.

2015 දී එවකට ට්විටර් ප්‍රධාන විධායක ඩික් කොස්ටෝලෝ ඉල්ලා අස්වීමෙන් පසු ජැක් ඩෝර්සි ට්විටර් නායකත්වයට පත් විය.

Twitter හි සැලකිය යුතු කොටස් ප්‍රමාණයක් හිමි ආයෝජන සමාගමක් වන Elliott management වෙතින් 2020 දී ජැක් ඩෝර්සිගේ ඉවත්වීම පිළිබඳව ඉඟි පල කරන්නට විය



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි