×

ටෙක්සාස් ජනපදයේ ඡන්ද ලක්ෂයකට වඩා අවලංගු කිරීමට උත්සාහයක්

ඇමරිකාවේ ටෙක්සාස් ජනපදයේ ඡන්ද 127,000 ක් පමණ අවලංගු කරන ලෙස ඉල්ලා සිටිමින් රිපබ්ලිකන් පක්ෂය විසින් ඊයේ ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙත්සමක් ගොනු කරන ලදී.


නමුත් ෆෙඩරල් අධිකරණය මෙය ප්‍රතික්ෂේප කළේ එවැනි ඉල්ලීමක් සිදුකිරීම සඳහා නීතිමය පසුබිමක් රිපබ්ලිකන් පක්ෂයට නොමැති බව කියමිනි.

මේ අනුව අර්ලි වෝටිං හෙවත් ‘කලින් ඡන්දය ප්‍රකාශ කිරීමේ‘ යෙදී සිටි ඇමරිකානුවන් එක්ලක්ෂ විසි හත් දහසකගේ ඡන්ද අවලංගු වීමේ අවදානම නතර වී නැත.

එයට හේතුව, වැඩිදුර නීති ක්‍රියාමාර්ගයකදී මේ ඡන්ද අවලංගු වේ නම් මෙම ඡන්ද දායකයන්ගේ ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය අනුව ඔවුන් අද දිනයේ නැවතත් ඡන්ද මධ්‍යස්ථාන වෙත යා යුුතු නිසා ය.

මේ අතර මේ නීති ප්‍රශ්නයත් සමග, ජනාධිපතිවරණය යෙදී තිබෙන අද දිනයේ හුස්ටන් හි drive-thru හෙවත් රිය පදවාගෙන යන අතරවාරයේ ඡන්දය ප්‍රකාශ කළ හැකි ස්ථාන වසා දැමීමේ තත්වයක් උද්ගත ව තිබේ.

ඇමරිකානු ජනාධිපතිවරණය අද දිනයේ තව පැය කිහිපයක් ඇතුළත පැවැත්වීමට නියමිත ය.

ඡායාරූපය  – ඇමරිකාවේ හුස්ටන් ජනපදයේ drive-thru මධ්‍යස්ථානයක්

පෙර ලිපිය

ලේඩි ගාගා- ජෝන් ලෙජන්ඩ් දෙපළ බයිඩන්-කමලා හැරිස් වෙනුවෙන් අවසන් රැළියේ

ඇමරිකානු ජනාධිපතිවරණය පිළිබඳ සියලු පෙර ලිපි මෙතැනින් කියවන්න
#uselection2020

 



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි