×

ඩයිනෝසෝරයන් මිහිමතින් තුරන්ව ගියත් උරගයින් ඉතිරි වෙලා

මිනිසුන් සමඟ ගැටිම හේතුවෙන් බොහෝ විශේෂ වඳවීමේ තර්ජනයට අද ලක්ව ඇත.


නව පර්යේෂනාත්මක අධ්‍යයනයකට අනුව ඩයිනෝසෝරයන් මිහිමතින් අතුගා දැමූ ග්‍රහක ඝට්ඨනයෙන් සර්පයන්ට නව පාරිසරික තතවයක් නිර්මාණය වි තිබිණි. Nature Communications මේ පිලිබඳව පසුගියදා සිය අධ්‍යයනය එලි දැක්වන්නට විය.

ඩයිනෝසෝරයන්, වසර මිලියන 66 කට පෙර පෘථිවිය මත ග්‍රහකයක් කඩා වැටීමෙන් භූමිකම්පා, සුනාමි සහ ලැව් ගිනි ඇති වූ අතර පසුව දශකයක පමණ කාලයක් අඳුරු වළාකුළු හිරු එළිය ගිලගෙන තිබිමෙන් පරිසරය අදුරු විය.ග්‍රහාක බලපෑම හේතුවෙන් බොහෝ සතුන් හා ශාක මිය ගොස මිහිමතින් තුරුන් විම සිදු විය.එම සිදු විමෙන් ශාක හා සතුන්ගෙන් 76% ක් අතුරුදහන් වී ඇත. නමුත් සමහර ක්ෂීරපායින්, කුරුල්ලන්, ගෙම්බන් සහ මාළු වැනි සර්පයන් ද ජීවිතය බේරා ගැනීමට සමත් වූහ.සත්ව විද්‍යාඥයින් පවසන්නේ එවකට ජීවතුන් අතර සිටි සර්ප විශේෂ අතලොස්සකට සිදුවිමෙන් පසු උදා වූ පශ්චාත් ලෝකයක සාර්‍ථකව ජීවත් වීමට හැකි වූ අතර ඔවුන්ට භූගතව සැඟවී ආහාර නොමැතිව දිගු කාලයක් ජීවත් වමට හැකි වූ බවයි.

 

ඇති වූ ආහාර හිඟකම හේතුවෙන් වසරක් දක්වා ආහාර නොමැතිව සර්පයින්ට කළමනාකරණය කර ගැනීමට සහ සිදු වූ ව්‍යසනයෙන් පසු අඳුරේ දඩයම් කිරීමට ඔවුන්ට ඇති හැකියාව සර්පයින්ගේ පැවැත්මට බෙහෙවින් ඉවහල් විය.ඊට ඔරොත්තු දෙන උරගයින් පසුව ලොව පුරා ව්‍යාප්ත වූ අතර මේ වන විට විශේෂ 3,000 ක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් දක්වා එම සතුන් පරිණාමය වි ඇත.පරිසර පද්ධති වල සමබරතාවය සඳහා සර්පයන් ඉතා වැදගත් වන අතර ගොදුරු පාලනය කර ගැනීම සහ පළිබෝධ පාලනය කිරීමෙන් මිනිසුන්ට උපකාර කිරීමට සර්පයින් වැදගත්වේ.

මිනිසුන් සමඟ ගැටිම හේතුවෙන් බොහෝ විශේෂ වඳවීමේ තර්ජනයට අද ලක්ව ඇත.

(බිබිසි වෙතින්)



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි