×

දකුණු අප්‍රිකාව ඔක්ස්ෆර්ඩ් එන්නත භාවිතය අත්හිටුවයි

ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා කොවිඩ් ප්‍රතිශක්තීකරණ එන්නත භාවිතා කිරීම දකුණු අප්‍රිකානු බළධාරීන් විසින් අත්හිටුවා තිබෙනවා.


ඊට හේතු වී තිබෙන්නේ දකුණු අප්‍රිකාව තුළ බහුල ලෙස පැතිර යන කොවිඩ් වෛරසයේ නව ප්‍රභේදය මර්දනය කිරීම සඳහා මෙම එන්නත යෝග්‍ය නොවන බවට තහවුරු වීමයි.

දකුණු අප්‍රිකාවේ මේ වනවිට සිටින ආසාදිතයන්ගෙන් බහුතරයක්ම 501Y.V2 නමැති කොවිඩ් වෛරස ප්‍රභේදය ආසාදිත වූවන් වේ.

අත්හදා බැලීම්වලදී තහවුරු වී තිබෙන්නේ එම වෛරසය සඳහා ඔක්ස්ෆර්ඩ් එන්නතෙන් සීමිත ආරක්ෂාවක් පමණක් ලැබෙන බවයි.

ඉන්දියාවේ සීරම් ආයතනය විසින් නිපදවන ඔස්ක්ෆර්ඩ් එන්නතේ මාත්‍රා මිලියනයක් පමණ දකුණු අප්‍රිකානු බළධාරීන් මිලදීගෙන ඇති අතර අද දිනයේදී සෞඛ්‍ය සේවකයන් සඳහා එන්නත්කරණය ආරම්භ කිරීමට නියමිතව තිබිණි.

නව වෛරසය සඳහා එම එන්නත දක්වන ප්‍රතිචාර සීමා සහිත බව අනාවරණය කරගෙන තිබෙන්නේ ඒ අතරයි.

ඇස්ට්‍රාසෙනෙකා සමාගම පවසන්නේ නව වෛරස ප්‍රභේදයට ගැලපෙන එන්නත නිපදවීම සඳහා මේ වනවිට පර්යේෂණ ආරම්භ කර ඇති බවයි.

ඉදිරියේදී එම එන්නත් සැපයීමට හැකිවනු ඇති බවද එම සමාගම පවසනවා.

UN for LNW



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි