×

නවසීලන්තය මීළඟ පරම්පරාව සඳහා දුම්පානය තහනම් කිරීමට සැලසුම් කරයි

නවසීලන්තය මීළඟ පරම්පරාව සඳහා දුම්පානය තහනම් කිරීමට සැලසුම් කරයි, එසේ වූවහොත් ඔවුන්ට කිසි විටෙකත් රට තුළ දුම්කොළ මිලදී ගැනීමට නීත්‍යානුකූලව නොහැකි වනු ඇත.


යෝජිත නව නීති යටතේ, දුම්කොළ මිලදී ගැනීම සඳහා නීත්‍යානුකූල වයස අවුරුදු 18 ක් ක්‍රමානුකූලව ඉහළ නංවන බව සහකාර සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය අයේෂා වෙරල් පසුගිය බ්‍රහස්පතින්දා පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය.

“අපට අවශ්‍ය වන්නේ තරුණයින් කිසි විටෙකත් දුම්පානය නොකිරීමට වග බලා ගැනීමයි,”

වැඩිදුරටත් ඇය පැවසුවාය.

මෙම නීතිය ක්‍රියාත්මක වන විට වයස අවුරුදු 14 ට වැඩි පුද්ගලයින්ට කිසිදා නීත්‍යානුකූලව දුම්කොළ මිලදී ගැනීමට නොහැකි වනු ඇත.

2025 වන විට ප්‍රජාව තුළ දුම්පානය පැතිරීම 5% ට වඩා අඩු කිරීමේ සමාජ ව්‍යාපාරයේ කොටසක් ලෙස 2022 දී මෙම නව පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට රජය සැලසුම් කරයි.

රජයේ දත්ත වලට අනුව, නවසීලන්තයේ වැඩිහිටි ජනගහනයෙන් 13.4% දුම් පානය කරන්නන් ලෙස වර්ගීකරණය කර ඇත.

එය 2011/12 දී 18.2% ට වඩා අඩු තත්වයකි.සෞඛ්‍ය අමාත්‍යාංශයට අනුව සෑම වසරකම දුම්පානය ආශ්‍රිත රෝගවලින් පුද්ගලයින් 4,000 ත් 5,000 ත් අතර සංඛ්‍යාවක් මිය යති.

එරට දුම්පානය ආශ්‍රිත හානිය විශේෂයෙන්ම මාඕරි, පැසිෆික් වාර්ගික ප්‍රජාවන් සහ අඩු ආදායම්ලාභී ප්‍රජාවන් තුළ බහුලව දක්නට ලැබේ.

එරට සෞඛ්‍ය අමාත්‍යාංශයට අනුව, මඕරි කාන්තාවන්ගෙන් 32% ක් පමණ දුම් පානය කරති



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි