×

නිකරගුවා විපක්ෂ මර්දනය

නිකරගුවාවේ අධිකරණයක් විසින් ජනාධිපති ඩැනියෙල් ඔර්ටේගාගේ ආන්ඩුව විවේචනය කරන්නන් හත් දෙනෙකු "දේශපාලන නඩු විභාගයක්" ලෙස වැරදිකරුවන් වශයෙන් තහවුරු කරයි.


වරදකරුවන් වූවන් අතර 2021 මැතිවරණයට ඉදිරිපත් වීමට සැලසුම් කළ විපක්ෂ නායකයින් තිදෙනෙක් ද වෙති.

ජනාධිපති ඔර්ටේගාගේ පස්වන වාරය ජයග්‍රහණය කළ ඡන්ද විමසීමට පෙරාතුව රජයේ විවේචකයින් රැසක් එලස රඳවා ගන්නට විය.

ඔවුන්ට වසර 08ත් 13ත් අතර සිරදඬුවම් නියම කරන ලෙස පැමිණිල්ල ඉල්ලා ඇත.

මෙම වරදකරුවන් වන්නේ,ජනාධිපති අපේක්ෂක ජුවාන් සෙබස්තියන් චමෝරෝ, එක්සත් ජනපදයේ හිටපු තානාපති සහ ජනාධිපති අපේක්ෂක අර්තුරෝ කෲස්, ජනාධිපති අපේක්ෂක Félix Maradiaga, හිටපු නියෝජ්‍ය විදේශ අමාත්‍ය ජෝස් පලෙයිස්, ව්‍යාපාරික නායක José Adam Aguerri, විරුද්ධ කන්ඩායමක් වන Unamos හි ක්‍රියාකාරිනි තමරා ඩවිල, සමාජ විද්යාඥ සහ විපක්ෂ ක්රියාකාරිනි Violeta Granera යන හත් දෙනයි.

එල් චිපොටේ සිරගෙදර පැවති නඩු විභාගයකදී, නිකරාගුවාවේ ජාතික ඒකාග්‍රතාවය අඩපණ කිරීමට කුමන්ත්‍රණය කිරීම සම්බන්ධයෙන් ඔවුන් මෙසේ වැරදිකරුවන් බවට තීරණය කරතිබේ.

නමුත් මානව හිමිකම් සඳහා වූ නිකරගුවානු මධ්‍යස්ථානය කියා සිටියේ ඔවුන් හත්දෙනා නිර්දෝෂී බවයි.

ඔර්ටෙගා ආන්ඩුවේ විරුද්ධවාදීන්ට එරෙහි නඩු විභාග පැවති පළමු අවස්තාව මෙය නොවේ. මෙම මස මුලදී, ජනාධිපතිවරයා විවේචනය කල දෙදෙනෙකු වන , දේශපාලන ප්‍රබලයින් වු ඩෝරා ටෙලෙස් සහ ලෙස්තර් ඇලමන් , එදින පැවති නඩු විභාගවලදී රාජ්‍ය කුමන්ත්‍රණ කිරීම සම්බන්ධයෙන් වැරදිකරුවන් විය.

සති දෙකකට පෙර, මෙසේ සිරගතව සිටි විපක්ෂ නායක හියුගෝ ටොරස් නඩු විභාගයක් නියමිතව සිටියදී මිය ගියේය.

ඔහුගේ මරණයෙන් පසු, ඇමරිකානු ජනපද සංවිධානය ප්‍රාදේශීය ආයතනය කියා සිටියේ නිකරගුවාසීන්ට “හිංසා කිරීම සහ අත්තනෝමතික ලෙස රඳවා තබා ගැනීම තරයේ හෙළා දකින” බවත් “සියලු දේශපාලන සිරකරුවන්” වහාම නිදහස් කරන ලෙසත් ය.

විපක්ෂයට එරෙහි ආන්ඩුව මර්දනය පසුගිය නොවැම්බර් මැතිවරණයට පෙර මාස කිහිපය තුළ එරට වේගවත් වූ අතර එතැන් සිට එය දැඩි විය.

මෙහිදී මුලදී, ඉලක්කයට වූයේ ජනාධිපතිවරයාගේ දිගුකාලීන දේශපාලන ප්‍රතිවාදීන්ය.

ජනාධිපති ඔර්ටෙගා රජය පෙරලා දැමීමේ අරමුණින් අධිරාජ්‍ය බලවතුන් විසින් අරමුදල් සපයන කුමන්ත‍්‍රණ කරන්නන්ගෙන් නිකරගුවාව ආරක්ෂා කරන බවට රජය සඳහන් කරන රාජද්‍රෝහී නීතියක් යටතේ මෙස් ඔවුන් රඳවා තබා ගන්නා ලදී.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි