×

නිරිතදිග චීනයේ විශ්මිත අත්කම් නිර්මාණ ශිල්පියා (Photos )

චීනයේ ෆිලිග්‍රී මොසෙයික් හස්ත කර්මාන්තය ක්‍රි.පූ.770-476 දක්වා අතීතයට දිවෙන ජනතාවකගේ ස්පර්ෂණීය උරුමයකි. සාම්ප්‍රදායික කර්මාන්තයකි. මෙහිදී මැණික් හෝ මුතු ඔබ්බවන ලද කලා කෘති රැඳවීමට රන් හා රිදී වැනි ලෝහ භාවිතා කරයි. එය සාමාන්‍යයෙන් විවිධ හැඩයන් සෑදීමට මිලිමීටර් 0.16ක් තරම් තුනී රත්රන් භාවිතා කරන හෙයින් එය සියුම් රන් යාත්‍රාව ලෙසද හැඳින්වේ. ඉතාම සිත්ගන්නා සුළු මෙම නිර්මාණ චීන […]


චීනයේ ෆිලිග්‍රී මොසෙයික් හස්ත කර්මාන්තය ක්‍රි.පූ.770-476 දක්වා අතීතයට දිවෙන ජනතාවකගේ ස්පර්ෂණීය උරුමයකි. සාම්ප්‍රදායික කර්මාන්තයකි. මෙහිදී මැණික් හෝ මුතු ඔබ්බවන ලද කලා කෘති රැඳවීමට රන් හා රිදී වැනි ලෝහ භාවිතා කරයි.
එය සාමාන්‍යයෙන් විවිධ හැඩයන් සෑදීමට මිලිමීටර් 0.16ක් තරම් තුනී රත්රන් භාවිතා කරන හෙයින් එය සියුම් රන් යාත්‍රාව ලෙසද හැඳින්වේ. ඉතාම සිත්ගන්නා සුළු මෙම නිර්මාණ චීන සංස්කෘතියේ කෘතහස්ත නිර්මාණ වේ. 2008 වන විට මෙම නිර්මාණ සම්ප්‍රදාය චීනයේ ජාතික සංස්කෘතින උරුමයක් ලෙස ලැයිස්තුගත කර තිබේ.

1994 දී උපත ලද Gu Guoqiang බීජිංහි සිය අධ්‍යයන කටයුතු කරන අතරතුර මෙම අලංකෘත ෆිලිග්‍රී මොසෙයික් සම්ප්‍රදාය පිළිබඳ මහත් උනන්දුවකින් පසු විය. ෆිලිග්‍රී මොසෙයික් යන කලා කෘතියන්ට  වශී වූ ඔහු ප්‍රවීණ කලා ශීල්පියෙකු වූ Li Changyiගේ ගුරු හරුකම් මධ්‍යයේ නවීන පන්නයට ගැලපෙන ලෙස ෆිලිග්‍රී මොසෙයික් උපාංග සෑදීමේ ක්‍රමයක් ගවේෂණය කළ අතර ඒ වෙනුවෙන් වෙනම කලාගාරයක්ද ආරම්භ කරන ලදි. ඔහුගේ නිර්මාණ තුළ සාම්ප්‍රදායික සංකල්පයන් සහ නවීන භාවිතයන්ද සම සේ මුසු කරමින් නව රසයක්, සෞන්දර්යක්, මැවීමට ඔහු උත්සුක වේ.

 

මෙම සම්ප්‍රදායන් ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් ඔහු විවිධ වේදීකා, විවිධ තාක්ෂණික උපක්‍රම යොදා ගනිමින් ඇත. ප්‍රසිද්ධ ස්මාර්ට්ෆෝන් යෙදුමක් (App) වන Kuaishou හි ලෝකය පුරා සිටින ෆිලිග්‍රී මොසෙයික් නිර්මාණවල රසිකයන් 300,000ක් ඔහු අනුගමනය කරනු දක්නට ලැබේ. මෙලෙස නිර්මාණශීලීත්වයේ නිෂ්පාදනයක් හා ප්‍රකාශනයක් ලෙස සිය කලා කෘති ලෝකයට නිරාවරණය කිරීමට Gu Guoqiang දක්වන උත්සහය සුළුපටු නොවේ.

වර්තමානයේ, Gu’s studio ෆිලිග්‍රී මොසෙයික් කලා කෘති 300ක් පමණ වසරකට අලෙවි කරන අතර බොහෝවිට ඒවායේ ගැනුම්කරුවන් විදේශිකයන් බව කියැවේ.
සාම්ප්‍රදායික සංස්කෘතියට සහ කලාවට ආදරය කරන තරුණ තරුණියන්හට සිය සංස්කෘතික උරුමයන්, වටිනාකම් පද්ධතිය, විශ්වාසයන් සහ සම්ප්‍රදායන් පිළිබඳ විශ්වසනීයත්වයක් ඇති කිරීමට Gu Guoqiang විශාල උත්සහයක් දරණ බව චීන මාධ්‍ය වාර්තා දක්වයි.

 

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි