×

නිව්යෝක් හා සැන් ෆ්‍රැන්සිස්කෝ හි වඳුරු උණ හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කෙරේ.

රෝගීන් දිගින් දිගටම වාර්තා වීමත් එක්සත් ජනපදය එන්නත් හිඟයකට මුහුණ දීමත් හේතුවෙන් තත්වය තවදුරටත් බරපතල බවට පත්ව ඇත.


නිව් යෝර්ක්හා සැන් ෆ්‍රැන්සිස්කෝහි වඳුරු උණ වෛරසය ප්‍රාන්තය පුරා ව්‍යප්ත ඇති හෙයින් වඳුරු උණ හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කර ඇත.රෝගීන් දිගින් දිගටම වාර්තා වීමත් එක්සත් ජනපදය එන්නත් හිඟයකට මුහුණ දීමත් හේතුවෙන් තත්වය තවදුරටත් බරපතල බවට පත්ව ඇත.

කැලිෆෝනියාවේ සැන් ෆ්‍රැන්සිස්කෝ හි බලධාරීන් වඳුරු රෝගය පාලනය කිරීමටත් මහජන සෞඛ්‍යය ආරක්ෂා කිරීම සඳහාත් ඉක්මන් ක්‍රියාමාර්ග ගැනීම අත්‍යාවශ්‍ය බව පෙන්වා දී ඇත. LGBTQ ප්‍රජාව ආරක්ෂා කිරීමට සහ මෙම වෛරසය පැතිරීම මන්දගාමී කිරීමට එන්නත් 35,000 කට වඩා අවශ්‍ය වන බව සැන් ෆ්‍රැන්සිස්කෝහි මහජන සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින් ඉල්ලුම්කර ඇතිමුත් ඔවුනට ලැබී ඇත්තේ අපේක්ෂිත එන්නත් ප්‍රමාණයෙන් 1/3 ක් පමණි.

මේ වන විට එක්සත් ජනපදය විසින් වඳුරු රෝගීන් 4,907 ක් තහවුරු කර ඇති අතර ඉන් 1,247 ක් නිව් යෝර්ක් හි වන අතර රෝගීන් 261 ක් සැන් ෆ්‍රැන්සිස්කෝ වලිනි. ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව රටවල් 78 කින් ගෝලීය වශයෙන් රෝගීන් 18,000 කට වැඩි ප්‍රමාණයක් හඳුනාගෙන ඇති අතර බහුතරය යුරෝපයේ ය. නමුත් වෛරසය කෙමෙන් ආසියාවට ද පැතිරෙමින් පවතින අතර, ඉන්දියාවෙන් හා ජපානයෙන් මේ වන විට රෝගීන් වාර්තා වෙමින් ඇත.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි