×

පකිස්තානය ජල අර්බු​දයක් අසල

ජල අර්බුදයට මුහුණ දෙන පිරිස් පසුගියදා විරෝධතාවකද නිරතවූහ. බීමට පවා ජලය අහිමි වී ඇති පසුබිමක ජෝහි ගඟ දෙපස අක්කර 125,000ක් පමණ දැනටමත් මුළුමනින්ම විනාශ වී ඇත.


අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ දත්තවලට අනුව පකිස් ථානයේ ඒක පුද්ගල වාර්ෂික ජල සැපයුම 2009 වසරේ ඝන මිටර් 1500ෙක්ව පැවති අතර, එය මේ වන විට ඝන මිටර් 1017 ක් දක්වා පහත වැටි තිබේ.වර්තමානයේ ලොව උග්‍ර ජල හිඟයකට මුහුණදී සිටින රටවල් ලැයිස්තුවේ පාකිස්තානය තුන්වැනි ස්ථානයේ පසු වේ.එරට ජල සම්පත් පර්යේෂණ කවුන්සිලය මේ බව සනාථකර සිටි.

ඔවුන් පෙන්වා දෙන්නේ පකිස්තානය 2025 වසරේඅනිවාර්යයෙන්ම ජල හිඟයකට මුහුණුපාන බවයි.ජනගලහනයේ සිග්‍රවර්දනය, ජලය ප්‍රමාණවත්වගබඩානොකිරිමි,අකාර්යක්ෂම ජල පද්ධති, සහ දුර්වල කලමණාකාරිත්වය මිට හේතු වි තිබේ.

එසේම පාකිස්තානයෙ ජෝහි නම් ගංගාවේ ජලය දේශපාලකයන්ගේ මැදිහත් වීම මත නොකඩවා සොරකම් කිරීම හේතුවෙන් එම ගංගාවේ ජලය භාවිත කරන විශාල පිරිසක් දැඩි අර්බුදයකට මුහුණ දි තිබේ.

ජල අර්බුදයට මුහුණ දෙන පිරිස් පසුගියදා විරෝධතාවකද නිරතවූහ. බීමට පවා ජලය අහිමි වී ඇති පසුබිමක ජෝහි ගඟ දෙපස අක්කර 125,000ක් පමණ දැනටමත් මුළුමනින්ම විනාශ වී ඇත.

aninewsවෙතින්



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි