×

පසුගිය වස‍රේ අධිවේගී ගමනක නිරත වූ ටෙස්ලා හිමිකරු ලොව ධනවත්ම පුද්ගලයා වෙයි

ටෙස්ලා ඉන්කෝප‍රේටඩ් සමාගමේ සහ ස්පෙක්ස් එක්ස් ආයතනයේ හිමිකරු එලොන් මස්ක්, ලොව ධනවත්ම පුද්ගලයා බවට පත්ව තිබෙනවා.


ඒ වසර තුනකට වඩා වැඩි කාලයක් ලොව ධනවත්ම පුද්ගලයා ලෙස සිටි ඇමසෝන් ආයතනයේ හිමිකරු ජෙෆ් බෙසෝස් අභිබවා යමිනි.

එලෝන් මස්ක් ලොව ධනවත්ම පුද්ගලයා බවට පත්වූයේ ඔහුට අයත් ටෙස්ටලා ඉන්කෝපරේටඩ් මෝටර් රථ නිෂ්පාදන සමාගමේ කොටස් මිල හදිසියේම 4.8% කින් ඉහළ යාම හේතුවෙනි.

දකුණු අප්‍රිකාවේ උපත ලැබූ, ඉංජිනේරු උපාධිධාරී එලොන් මස්ක්ගේ සමස්ත ආදායම අද උදෑසන වනවිට ඩොලර් බිලියන 188.5 ක් ලෙස සටහන් වේ. එය ඇමසෝන් හිමිකරු ජෙෆ් බෙසෝස්ගේ සමස්ත ආදායමට වඩා ඩොලර් බිලියන 1.5 ක වැඩිවීමකි.

ගත වූ මාස 12 ක කාලය තුළදී එලෝන් මස්ක්ගේ ආදායම අසාමාන්‍ය ලෙස ඉහළ ගිය අතර පසුගිය වසරක කාලය තුළදී පමණක් ඔහු අත්කරගෙන ඇති ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 150 ඉක්මවයි. මේ සදහා ටෙස්ලා සමාගම ප්‍රබල දායකත්වයක් දැක්වූ අතර පසුගිය වසරේදී එම සමාගමේ කොටස්වල වටිනාකම වාර්තාගත ලෙස 743% කින් ඉහළ ගොස් තිබිණි.

UN | LNW



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි