×

පැපුවා නිව්ගිනියාවට ඕස්ට්‍රේලියාවෙන් ඇස්ට්‍රාසෙනෙකා එන්නත් ප්‍රදානයක්!

ඕස්ට්‍රේලියාව විසින් පැපුවා නිව්ගිනියාවට ඇස්ට්‍රාසෙනෙකා එන්නත් මාත්‍රාවන් 8,000 ක් ලබා දීමට නියමිතය.


ඕස්ට්‍රේලියානු අගමැති ස්කොට් මොරිසන් නිවේදනය කළේ අදාළ මාත්‍රා ප්‍රමාණය වහාම යවන බවත් අනෙකුත් ප්‍රතිකාරයන්ද උපකරණ සමඟ යොමු කරවන බවත්ය.

පසුගිය සඳුදා පැපුවා නිව්ගිනියාවේ අනතුරු ඇඟවූයේ එහි කොවිඩ් ආසාදන අනුපාතය සෑම පුද්ගලයින් තුන් හතර දෙනෙකුගෙන් එක් අයෙකු වෙත පවතින බවයි.

රටේ බිඳ වැටෙන සුළු සෞඛ්‍ය සේවා පද්ධතිය විශාල අර්බුධයක්ව පවතී. නිල වශයෙන්, රට තුළ තහවුරු කරගත් ආසාදිතයින් 1,400 ක් සිටින නමුත් සැබෑ සංඛ්‍යාව ඊට වඩා වැඩි යැයි සැලකේ.

මිලියන 10 ක ජනගහනයක් සිටින එරට මාර්තු 10 වන විට සිදු කර ඇත්තේ හඳුනාගැනීමේ පරීක්ෂණ 50,000 ක් පමණි.

පසුගිය අඟහරුවාදා පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඕසට්‍රේලියානු අගමැති මොරිසන් කියා සිටියේ නිව්ගිනියා සෞඛ්‍ය සේවකයින්ට එන්නත ලබා දීම සඳහා ඕස්ට්‍රේලියාවේම එන්නත් කොටස් වලින්ම මාත්‍රාවන් භාවිතා කරන බවයි.

පැපුවා නිව්ගිනියාවේ පළමු එන්නත අප්‍රේල් මාසයේදී ගෝලීය කොවැක්ස් එන්නත් බෙදා ගැනීමේ යෝජනා ක්‍රමයේ කොටසක් ලෙස පැමිණීමට නියමිතව තිබුණද විශේෂඥයින් අනතුරු ඇඟවූයේ මෙය ප්‍රමාද වනු ඇති බවයි.

සහන් හේවාගමගේ



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි