×

පැසිෆික් මුහුදේ ප්‍රබල භූකම්පනයක් – සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කරයි

දකුණු පැසිෆික් සාගර කලාපයේ ප්‍රබල භූකම්පනයක් සිදුව තිබෙනවා.


වනවාටු දූපතට කිලෝමීටර් 470 ක් පමණ දුරින් මුහුදු පත්ලේ කිලෝමීටර් 10 ක් පමණ ගැඹුරින් ඇති වූ මෙම භූකම්පනයේ ප්‍රබලත්වය සටහන් වී තිබෙන්නේ රිච්ටර් මාපාංක 7.7 ක් ලෙසයි.

පැසිෆික් දූපත්වලට සහ නවසීලන්තය ඇතුළු සමීප රටවලට මේ වනවිටත් සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති අතර ඉදිරි පැය කිහිපය තුළදී සුනාමි අනතුරක් ඇතිවනු ඇති බවයි ඇමරිකානු භූවිද්‍යා සමීක්ෂණ ආයතනය පවසන්නේ.

මෙම භූකම්පනය හේතුවෙන් ශ්‍රී ලංකාවට කිසිදු අවදානමක් නොමැති බව භූවිද්‍යා සමීක්ෂණ ආයතනයේ පුර්ව සුනාමි අනතුරු ඇගවීමේ මධ්‍යස්ථානය සඳහන් කරනවා.

UN for LNW



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි