×

පිලිපීනය හරහා හමා ගිය Super Typhoon Rai

මේ වන විට එරට මිලියන තුනක ජනතාවකට විදුලිය විසන්ධි වී තිබේ.


පිලිපීනය හරහා හමා ගිය සුළි කුණාටුවකින් පුද්ගලයින් 30 දෙනෙකුට වැඩි පිරිසක් මිය ගොස් ඇති අතර බොහෝ පිරිසක් අතුරුදන්ව ඇති බව එරටින් වාර්තා වේ.Super Typhoon Rai නැමති මෙම සුළි කුණාටුව පසුගිය බ්‍රහස්පතින්දා දිවයිනේ ගිනිකොනදිග දූපත් වෙත ඇතුල් වූ අතර, නිවාස රැසකට හානි සිදු කරමින් පැයට කිලෝමීටර 195 (පැයට සැතපුම් 120) පමණ වේගයෙන් හමා යන්නට විය.මේ වසරේ පිලිපීනයට බලපෑ ප්‍රබලම සුළි කුණාටුව මෙයයි.

මේ වන විට එරට මිලියන තුනක ජනතාවකට විදුලිය විසන්ධි වී තිබේ.

එරට ආපදා ඒජන්සිය පවසන්නේ වාර්තා වූ මරණ සංඛ්‍යාව 31ක් බවයි.විනාශයට පත් ප්‍රදේශවල ගලවා ගැනීමේ මෙහෙයුම් දැන් ක්‍රියාත්මකයි.ආර්ථික වශයෙන් සිදුව ඇති හානිය මෙතෙක් ගණන් බලා නොමැති අතර, සිදුව ඇති හානිය මිලියන ගණනක ආර්ථික පාඩුවක්.2013 දී හයියාන් ටයිෆූන් කුණාටුවෙන් 6,000 කට වැඩි පිරිසක් එවකට මිය ගියහ .

පිලිපීන වායුගෝලීය භූ භෞතික හා තාරකා විද්‍යා සේවා පරිපාලන ඒකකයේ දත්ත අනූව (the Philippine Atmospheric Geophysical and Astronomical Services Administration) මෙම රායි සුළි කුණාටුව මේ වන විට දිවයිනට බටහිර දෙසින් ගමන් කර ඇති අතර එය යළිත් තීව්‍ර වෙමින් පවති.

මෙම අනාවැකි අනුව එය උතුර චීනයට දෙසට ලං වීමට පෙර වියට්නාමය දෙසට ගමන් කරනු ඇත.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි