×

පුටින් යුද අපරාධකරුවෙක් – බයිඩන්ගෙන් බරපතල චෝදනාවක් !

රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් යුද අපරාධකරුවෙකු බව ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් පවසනවා.


රුසියාව විසින් යුක්රේනය ආක්‍රමණය කිරීමෙන් පසුව ඇමරිකාවෙන් පුටින්ට මෙවැනි බරපතල චෝදනාවක් එල්ල වූයේ පළමුවරටයි.

රුසියානු – යුක්රේන යුදමය අර්බුදය ආරම්භ වී මේ වනවිට සති තුනක් ගත වී ඇති අතර මීට පෙර කිසිදු අවස්ථාවක යුක්රේන භූමියේ සිදුවන යුද ක්‍රියාකාරකම් යුද අපරාධ ලෙස ලේබල් කිරීමට ඇමරිකාව පියවර ගෙන නොතිබිණි.

කෙසේ නමුත් ඊයේ පැවති උත්සවයක් අමතමින් බයිඩන් පවසා තිබෙන්නේ ‘මම හිතන්නෙ ඔහු යුද අපරාධකරුවෙක්’ යනුවෙනි.

මේ අතර යුක්රේනයට ඩොරල් බිලියනයක යුද උපකරණ සැපයීමට ඇමරිකාව තීරණය කර තිබෙනවා.

ප්‍රහාරක ඩ්‍රෝන යානා ඇතුළු යුද උපකරණ රැසක් ඊට ඇතුළත් බවයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරන්නේ.

UN for LNW



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි