×

පේරු හි හිටපු කැරලි නායක බීමෙල් ගුස්මාන් මිය යයි

ගුස්මාන් සිය ඉතිරි කාලය ගත කළේ ලීමා නගරයට බටහිර දෙසින් පිහිටි එල් කලාවෝහි පිහිටි නාවික හමුදා බන්ධනාගාරයක ය. 2010 දී ඔහුට සිරගතව සිටි ඔහුගේ සෙසු ෂයිනිං පාත් ගරිල්ලා එලේනා ඉපරාගුරි සමඟ විවාහ වීමට අවසර ලැබුණි.


පේරු හි ෂයිනින් පාත් කැරලිකාර කණ්ඩායමේ(Shining Path rebel group) නායකයා සහ එහි නිර්මාතෘ අබීමෙල් ගුස්මාන් (86) අභාවප්‍රාප්ත වෙයි.

හිටපු දාර්ශනික මහාචාර්යවරයෙකු වූ ඔහු 1992 සිට ත්‍රස්තවාදය සහ දේශද්‍රෝහී චෝදනාවට ජීවිතාන්තය දක්වා සිර දඩුවම් විඳිමින් සිටියේය.ජූලි මාසයේදී ඔහුට සෞඛ්‍ය ගැටලු ඇති වූ අතර උපරිම ආරක්‍ෂාව සහිත බන්ධනාගාරයක සිට රෝහලකට මාරු කෙරිණි.මාඕවාදී ගරිල්ලා කණ්ඩායම සහ පේරු රාජ්‍යය අතර දශකයකට වැඩි කාලයක් පැවති ගැටුම් වලදී මිනිසුන් 70,000 කට ආසන්න සංඛ්‍යාවක් මිය ගොස් හෝ අතුරුදහන් වි ඇත.අබිමායෙල් ගුස්මාන් 1934 දෙසැම්බරයේදී පේරු හි දකුණු වෙරළ තීරයේ මොලෙන්ඩෝ නගරය අසල උපත ලබා ඇත.

විශ්ව විද්‍යාලයේ සිටියදී ඔහු මාක්ස්වාදය කෙරෙහි උනන්දුවක් දැක්වීය. 1962 වන විට ඔහු මධ්‍යම අයකුචෝ නගරයේ හුවාමාංගා ජාතික විශ්ව විද්‍යාලයේ සැන් ක්‍රිස්ටබල්හි දාර්ශනික මහාචාර්ය තනතුරක් ලබා ගත්තේය.1969 දී ඔහු සහ තවත් 11 දෙනෙක් Shining Path rebel group ආරම්භ කරන්නට විය.1960 දශකයේ අග භාගයේ අබිමෙල් ගුස්මන් විසින් ආරම්භ කරන ලද සටන්කාමී කණ්ඩායම 1980 ගණන් වල ගරිල්ලා කණ්ඩායමක් වී පේරු රජයට එරෙහිව කැරැල්ලක් දියත් කළේය.1980 ගණන් වලදී 10,000 ක් පමණ වූ එහි ඇස්තමේන්තුගත සාමාජිකත්‍වය සමඟ පේරු රාජ්‍යයට දැඩි බලපෑමක් සිදු කරන්නට විය.දශකයකට වැඩි කාලයක් තිස්සේ පැවති මෙම අභ්‍යන්තර ගැටුම් වලදී මිනිසුන් 70,000 ක් පමණ අතුරුදහන් විය.

ගුස්මන් සහ ඔහුගේ සහකරු එලේනා ඉපරාගුරේ 1992 දී අත්අඩංගුවට ගෙන රහස් හමුදා අධිකරණයක් මගින් ජීවිතාන්තය දක්වා සිරගත කර ඇත.ගුස්මාන් සිය ඉතිරි කාලය ගත කළේ ලීමා නගරයට බටහිර දෙසින් පිහිටි එල් කලාවෝහි පිහිටි නාවික හමුදා බන්ධනාගාරයක ය. 2010 දී ඔහුට සිරගතව සිටි ඔහුගේ සෙසු ෂයිනිං පාත් ගරිල්ලා එලේනා ඉපරාගුරි සමඟ විවාහ වීමට අවසර ලැබුණි.

(බිබිසි වෙතින්)



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි