×

බ්‍රසීලයේ ලූලාට නිදහස් බලාපොරොත්තු දුන් නඩු තීන්දුව කණපිට පෙරළේ

නමුත් මේ සියල්ල නැවතත් කණ පිට හැරුණේ එරට අගවිනිසුරු ජෝස් ඇන්ටෝනියෝ ඩයස් ටෝෆෝලි ගේ මැදිහත් වීම සමගිනි


බ්‍රසීලයේ හිටපු අගමැති ලූලාද සිල්වා වෙත නියම කර තිබූ සිර දඩුවම් නිමා කරමින් ඔහු වෙත නිදහස ලබා ගැනීමට ඉඩ සළසමින් එරට පහළ අධිකරනය විසින් ලබා දී තිබූ තීන්දුවක් අග විනිසුරු වරයා විසින් නවත්වන්නට පියවර ගෙන ඇත.

එරට ෆෙඩරල්  විනිසුරු මාර්කෝ ඔරෝලියෝ විසින් ලබා  දුන් තීන්දුවත් සමග සිරෙන් නිදහස් වීම පිළිබඳව 73 හැවිරිදි ලූලාද සිල්වා වෙත නව බලාපොරොත්තුවක් ලාබා දුනි.

මේ සමග  එරට ෆෙඩරල් උසාවියේ විනිසුරු මාර්කෝ ඔරෙලියෝ පැවසුවේ මෙම පියවර මගින් හිටපු ජනපතිවරයාට නිදහස ලැබෙන්නටනම් ඔහු වෙනුවෙන් අභියාචනයක් ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය අත්‍යවශ්‍ය වන බවය. ඒ අනුව මේ වන විට ඔහුගේ නිතිඥවරුන් විසින් ඔහු වෙනුවෙන් අධිකරණය වෙත අභියාචනයක් ඉදිරිපත් කළ යුතු බව ද සැලකිණි. මේ සමග ලූලා ද සිල්වා හිටපු ජනපතිවරයා නිදහස් වනු ඇත යන බලාපොරොත්තු ඉහළ ගොස් තිබිණි. 

2003 සිට 2011 දක්වා සිය පාලන සමයේදී සිදු කළා යැයි කියන මූල්‍ය වංචාවන් සහ අල්ලස් ගැනීම ආදී වැරදි සම්බන්ධව ඔහුට මෙසේ සිර දඩුවම් නියම විය.

මේ වන විට ඔහු වසර 12 ක සිර දඬුවමක් විඳිමින් සිටියි. 

ලූලාට බලාපොරෝත්තු ගෙනා ෆෙඩරල් අධිකරණයේ තීන්දුවත් සමග එරට සිරකරුවන් 1500ක් පමණ දෙනාට අධිකරණය වෙත අභියාචනා ඉදිරිපත් කිරීමට ඉඩ කඩ සැළසෙන බවද ප්‍රකාශ විය.

නමුත් මේ සියල්ල නැවතත් කණ පිට හැරුණේ එරට අගවිනිසුරු ජෝස් ඇන්ටෝනියෝ ඩයස් ටෝෆෝලි විසින් මැදිහත් වීම සමගිනි. ඔහු  එම තීන්දුවට එරෙහිවට එය ලබා දී  පැය කිහිපයක් යන්නට මත්තෙන් එයට මැදිහත් වී නව අර්ථ කථනයක් ලබා දී ඇත. ඒ අනුව ඔහු විසින් එම තීන්දුවට විරුද්ධ පාර්වශයන් විසින්   ඉදිරිපත් කරන ලද අභියාචනයන්  අනුමත කිරීමට කටයුතු කර තිබේ. 

බ්‍රසීලයේ හිටපු ජනපති ලූලා 2003-2010 අතර කාලයේදී අන්තර්ජාතික වශයෙන් කළ මැදිහත් වීම් හේතුවෙන් කීර්තියක් දිනා සිටියේය. ඉරානයේ න්‍යෂ්ටික වැඩපිළිවෙළ සහ ගෝලීය උණුසුම සම්බන්ධ ව ධනාත්මක ක්‍රියාමාර්ග ගැනීමට මැදිහත් වීම ඔහු විසින් සිදුකළ ප්‍රශංසනීය මුල පිරීම් ය. බ්‍රසීල ඉතිහාසයේ බිහි වූ ජනප්‍රියම ජනාධිපතිවරයෙකු වන ඔහු 2010 වසරේදී ජාත්‍යන්තර ටයිම් සඟරාව විසින් ලෝකයට වඩාත්ම බලපෑම් කළ හැකි පුද්ගලයන් 100 දෙනා අතරට ද නම් කර තිබිණි. The 100 Most Influential People in the World

2018 ජනාධිපතිවරණයට ද ඉදිරිපත් වීමට සිටි ලූලාගේ බලාපොරොත්තු සුන් වී ගියේ, දූෂණ චෝදනා හේතුවෙනි. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කමිටුව, ලූලාගේ දේශපාලන අයිතිවාසිකම් අහිමි නොකර ඔහුට ජනාධිපති අපේක්ෂකත්වය ලබාදෙන ලෙස බ්‍රසීල ආණ්ඩුවෙන් ඉල්ලීමක් ද කර තිබිණි.  



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි