×

බ්‍රිතාන්‍යයේ නව කොවිඩ් ප්‍රභේදය ලොවපුරා පැතිරෙයි

මහා බ්‍රිතාන්‍යයෙන් පසුගියදා වාර්තා වූ කොවිඩ් 19 වෛරසයේ නව ප්‍රභේදය මේ වනවිට ලොවපුරා ව්‍යාප්ත වෙමින් පවතින බව වාර්තා වේ.


මෙම වෛරස ප්‍රභේදය ආසාදනය වූ පුද්ගලයන් යුරෝපා රටවල් රැසකින් වාර්තා වී ඇති අතර ඊට අමතරව කැනඩාවෙන් සහ ජපානයෙන්ද ආසාදිතයන් වාර්තා වී තිබේ.

බ්‍රිතාන්‍යයේ සිට පැමිණි පුද්ගලයන් හේතුවෙන් ස්පාඤ්ඤය, ස්විට්සර්ලන්තය, ස්වීඩනය, ප්‍රංශය යන රටවලට වෛරසය ව්‍යාප්ත වී ඇති බව හෙළි කරගෙන තිබෙනවා. කැනඩාවේ ඔන්ටාරියේ ප්‍රදේශයෙන් මෙම වෛරස ප්‍රභේදය වාර්තා වී තිබෙන අතර එය පැමිණියේ කෙසේද යන්න පිළිබඳව කැනඩා බළධාරීන් විමර්ශනය කරමින් සිටී.

ජපානය වෙත පැමිණ බ්‍රිතාන්‍ය ජාතිකයන්ට 05 දෙනෙකුට මෙම වෛරස ප්‍රභේදය ආසාදනය වී ඇති බව තහවුරු කරගෙන ඇති අතර මෙම වෛරස ප්‍රභේදය වාර්තා වීමත් සමග ජපාන බළධාරීන් ඉක්මන් පියවර ගෙන තිබෙනවා. ඒ අනුව විදෙස් ජාතිකයන්ට ජපානයට පැමිණීම මාසයක කාලයක් සඳහා අත්හිටුවා තිබේ.

ලොව බොහෝ රටවල් මහා බ්‍රිතාන්‍යය සමග සියලු ගුවන් ගමන් අත්හිටුවා ඇති අතර සිය රටවලට ඇතුළු වන බ්‍රිතාන්‍ය ජාතිකයන් සම්බන්ධයෙන් දැඩි අවධානය යොමු කිරීමට පියවර ගෙන තිබේ.

මෙම වෛරස ප්‍රභේදය ඉතා වේගයෙන් ව්‍යාප්ත වන බවට තහවුරු වී තිබීම හේතුවෙන් බොහෝ රටවල් දැඩි පියවර ගනිමින් සිටී.

UN | LNW



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි