×

බොලිවුඩ් නිළි කන්ගනාගෙන් ඉන්දිය නිදහස ගැන විවේචනයක්

ප්‍රචණ්ඩත්වයට උසිගන්වන ලදැයි කියන ට්විටර් පණිවුඩයක් හේතුවෙන් පසුගිය මැයි මාසයේදී ට්විටර් විසින් ඇයගේ ගිණුම පවා අත්හිටුවා ඇත.


බ්‍රිතාන්‍ය යටත් විජිත පාලනයෙන් ඉන්දියාව අසීරුවෙන් දිනාගත් විප්ලවීය නිදහස පිළිබඳව බොලිවුඩ් නිළි කන්ගනා රනවුත් කළ ප්‍රකාශය මේ වන විට විශාල ආන්දෝලනයකට තුඩු දී තිබේ.ඇය පසුගිය බ්‍රහස්පතින්දා කියා සිටියේ 1947 දී ලබා ගත් නිදහස “අත්පත්‍රයක් වූ අතර සැබෑ නිදහස 2014 දී ලබා ගත්” බවයි.

අගමැති නරේන්ද්‍ර මෝදිගේ වාචික ආධාරකාරියක් වන ඇය පැහැදිලිවම සඳහන් කරන්නට වී ඇත්තේ 2014 මහ මැතිවරණයෙන් එවකට මෝදිගේ ජයග්‍රහණය ගැන යි.විචාරකයින් පැවසුවේ ඇයගේ ප්‍රකාශයන් ඉන්දියාවේ නිදහස් සටන්කාමීන්ට අපහාසයක් වනබවයි. නමුත් සමාජ මාධ්‍යවල ඇතැමුන් ද ඇයට පක්ෂව සහාය දක්වා ඇත.ප්‍රධාන විපක්ෂය වන කොන්ග්‍රස් පක්ෂය ඇයගේ ප්‍රකාශය හැඳින්වූයේ “අසංවේදි ප්‍රකාශයක්” බවයි. ට්විටර් පණිවිඩ මාලාවකින් පාර්ලිමේන්තු මන්ත්‍රී ආනන්ද් ෂර්මා ඇයගේ ප්‍රකාශය “කම්පනයට පත් කරවන සහ ප්‍රාථමික” වූවක් බවයි.

මෑතකදී ඇයට ලබා දුන් ඉන්දියාවේ සිව්වන ඉහළම සිවිල් සම්මානය වන පද්ම ශ්‍රී සම්මානය ඇගෙන් ඉල්ලා අස්කර ගන්නා ලෙස ද ආනන්ද් ෂර්මා ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියේය.ආම් ආද්මි පක්ෂයේ නායිකාවක් වන ප්‍රීති මෙනන්, රනවුත් සිටින නගරය වන මුම්බායි හි පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කළේ ඇයගේ ප්‍රකාශය සම්බන්ධයෙන් ඇයට එරෙහිව රාජද්‍රෝහී නඩුවක් ගොනු කරන ලෙස ඉල්ලා සිටිමිනි.නමුත් මෝදිගේ භාරතීය ජනතා පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන් කිහිප දෙනෙක් විසින් ද කන්ගනා විවේචනයට ලක් කර ඇත.සමාජ මාධ්‍ය ප්‍රවණතා අවුළුවන ප්‍රකෝපකාරී ප්‍රකාශයන් කිරීම නිසා ඇය බොහෝ විට සමාජ මාධ්‍ය ප්‍රවෘත්තිවල කැපි පෙනේ.

ප්‍රචණ්ඩත්වයට උසිගන්වන ලදැයි කියන ට්විටර් පණිවුඩයක් හේතුවෙන් පසුගිය මැයි මාසයේදී ට්විටර් විසින් ඇයගේ ගිණුම පවා අත්හිටුවා ඇත.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි