×

මනස ව්‍යාකූල කරවන “Mandela Effect” හෙවත් මැන්ඩෙලා ආචරණය !

මැන්ඩෙලා ආචරණය (Mandela Effect) යනු?


ඔබ අප කිසිසේත් නොසිතන විදියට යමක් සිදුවුවහොත් එය මායාවක් එහෙමත් නැතිනම් මිත්‍යාදෘශ්ටික ක්‍රියාවක් ලෙස හඳුන්වයි. නමුත් ඔබ දන්නවා ද අප ඇස් දෙකට පෙනි පෙනීම නොදකින බොහෝ දේ මේ ලෝකයේ ඇති බව?! එමෙන්ම ඔබ යමක් පිළිබඳ හඳුනා ගැනීමේ දී එයට හාත්පසින් වෙනස් කුමන හෝ අලංකාරවත් සිත්ගත් මතකයක් සිහි වීම මඟින් ඔබ වඩාත් පුදුමයට පත්වන අවස්ථා ජීවිතයේ දී ඕනෑ තරම් ඇති වී තිබේ. එය එම වේලාවට පමණක් සීමා වූ තිගැස්මකි. නමුත් එය නාමිකව හඳුන්වන්නේ Mandela Effect ලෙසයි.

මැන්ඩෙලා ආචරණය (Mandela Effect) යනු?

යථාර්ථයේ අත්දැකීමට සිදුවන යම් සිදුවීම් අතීත මතකයන් ඔස්සේ එකිනෙකට පටහැනි අයුරින් දැක ගත හැකිවීමයි.
මෙය හඳුනා ගත්තේ : ෆියෝනා බෲම් මහත්මිය යි.
ඇය මෙම ක්‍රියාදාමය හඳුනා ගන්න මූලික වූ හේතු සාධකය වන්නේ “නෙල්සන් මැන්ඩෙලා ගේ මරණය” යි. එම නිසා මෙයට මැන්ඩෙලා Effect ලෙස අන්වර්ථ නාමය ලැබී ඇත.

මැන්ඩෙලා ආචරණය ට පදනම් වූ හේතු සාධකය;

මෙහි දී බෲම් මහත්මිය සහ ඇයගේ සඟයන් පිරිසකට; කළු- සුදු භේදය වෙනුවෙන් සටන් කළ හිටපු අප්‍රිකානු ජනාධිපති නෙල්සන් මැන්ඩෙලා ගේ මරණ දිනය මතයෙහි වූයේ 1980 වර්ෂයේදී ඔහු සිරගෙදර තුළ දී මිය ගිය බව ඔවුන් සජීවී තාක්ෂණය ඔස්සේ දැක ගත් බවයි. නමුත් ඇත්තටම සිදුව ඇත්තේ 1990 වර්ෂයේදී ඔහු සිර මැඳුරෙන් නිදහස් ව 2013 දී මිය යෑමයි. 2010 වර්ෂයේදී මේ පිළිබඳ ජනතාව අතර මතභේදාත්මක තත්ත්වයක්ද ඇති විය. මෙම හේතුව පදනම් කරගෙන අපේ මනසෙහි සිඳුවන මෙවන් ව්‍යාකූලත්වයක් නාමිකව හැඳින්වීමට බෲම් මහත්මිය සමත් විය.

මෙය වෛද්‍ය විද්‍යාවට අනුව අප සමඟ පවතින මතකයන් හෝ අප අත්දැකීමක් ලෙස ගත් යම් සිඳුවීමක් වර්තමානය වන විට විකෘති අයුරින් සිහියට නැගීමක් ලෙස පෙන්වා දෙයි. Collective Falls Memories එහෙමත් නැතිනම් කාලයක් අපට මතකයේ තිබූ දෙයක් කාලයත් සමඟ ම අමතක වී පසුව එය මිත්‍යා මතයක් ලෙස පරිවර්තනය වීමක් මෙහි දී සිඳු වේ.

එක්සත් ජනපදයේ මනෝ විද්‍යාව පිළිබඳ මහාචාර්ය ජිම් කෝන්, “Lost in the Mall” පටිපාටිය භාවිතයෙන් මෙය කොතරම් පහසුවෙන් සිදුවිය හැකිදැ යි ඔහුගේ පවුලේ අයවලුන් මෙම ක්‍රියාදාමයට භාජනය කරමින් පෙන්වා දීමට සමත් විය.

සරලව කිවතොත්, මැන්ඩෙලා ආචරණයේදී සිදුවන්නේ, යම්කිසි දෙයක් පිළිබඳව ඔබ, අප ඇතුළු පුද්ගල කොට්ඨාශයකගේම (ඇතැම් විට රටක, හෝ මුළුමහත් ලෝකයේම) මතකයේ රැඳී ඇති අන්දම සැබවින්ම එය පිරික්සා බැලීමේදී එහි ස්වභාවයට වෙනස් වීමයි!

“මැන්ඩෙලා Effects” සඳහා උදාහරණ ;

Looney Tunes ද නැතිනම් Looney Toons ද?!

කුඩා අවධියේ දී අප නැරඹූ බග්ස් බනී, ඩැෆී ඩක්, පෝර්කි පිග් ඇතුළු කාර්ටූන බොහොමයක් ලූනි ටූන්ස් සන්නාමයට අයත් අතර, මෙය පොඩිත්තන්ගේ මනසෙහි රැඳේ. නමුත් මෙහි පෝස්ටරය දෙස කිසිවෙකු ඕනෑකමින් බලන්නේ නැත. එය කියවෙන විදියට බොහෝ පුද්ගලයන් මෙය Looney Toons ලෙස යනුවෙන් පැවසුව ද එහි නිවැරදි වචනය “Looney Tunes” වේ. Cartoons යන වචනය අවසානයේ ‘oons’ ලෙස දැක්වෙන නිසා Looney Toons විය හැකි බව ඔවුන්ගේ මනසින් එම පණිවිඩය ලබා දෙනවා විය හැක.

Pikachu ගේ වලිගය;

පොඩිත්තන්ගේ ආසම කාර්ටූනයක් ලෙස “Pokemon” හැඳින්විය හැක. මෙහි එන පිකාචූ ගේ වලිගයෙහි අග කළු පාටින් දිස්වෙන බව ඔබ මම පමණක් නොව ඕනෑම අයෙක් පවසයි. නමුත් ඇත්ත වශයෙන් ම එහි පිකාචූ ගේ එලෙස කලු පාටින් දිස් නොවේ.

කිට්කැට් චොක්ලට් ප්‍රෙහේලිකාව;

කිට්කැට් චොකලට් පිළිබඳ සැලකීමේ දී එහි රසට කවරයෙහි ස්වරූපය බැලීමට තරම් වෙලාවක් නොවේ. මෙහි දී බොහෝ දෙනාගේ මතකය නම් එහි කවරය මත එහි සංනාමය “Kit-Kat” ලෙස දැක්වෙන බවයි. නමුත් කිට්කැට් යනු තනි වචනයකි. එහිදී නිවැරදි වන්නේ එය “KitKat” ලෙස සඳහන් වීමයි.

Loom ලෝගෝව;

මෙය ලෝකප්‍රසිද්ධ ඇඳුම් නිර්මාණය කරන ආයතනයකි. මෙහි ලෝගෝ එකෙහි පළතුරු විසිරී ඇති ආකාරය දිස් වේ. පුද්ගලයන් විශාල ප්‍රමාණයක් දක්වන්නේ එහි පළතුරු කූඩයකින් වැටෙන ලෙස දක්වා ඇති බව වුවත් එහි නිවැරදි රූපය වන්නේ පළතුරු පමණක් විසිරී ඇති එකකි.

Monopoly Man ගේ කණ්ණාඩිය ;

මෙහි එන මිනිසාගේ එක ඇසකට සරිලන කණ්ණාඩියක් පැළඳ සිටීම ඕනෑම අයෙකුට මතකය. එයට කඳිම නිසදුනක් “Ace Ventura – When Nature Calls” යන 1995 දී තිරගත වූ චිත්‍රපටයෙහි සඳහන් ය. එතරම් එය එහි අධ්‍යක්ෂගේ මනසෙහි වුව ද ඇඳී තිබුණි. නමුත් මෙහි සත්‍ය වන්නේ කාර්ටූනයෙහි එම මිනිසාගේ එවැනි කණ්ණාඩියක් නොමැති වීමයි.

මෙවැනි උදාහරණ එකී මෙකී නොකී රාශියක් ඇති අතර මෙය ගැන වැඩි වශයෙන් හොයන ඕනෑම අයෙකුට අප ජීවත්වන ලෝකයම මිත්‍යාවක් දැයි හැඟෙනවා නොඅනුමාන ය.

අපි වෙසෙන්නේ සමාන්තර ලෝකයක ද යන සැකයක් මෙවැනි පසුබිමක ඇති විය හැක.

මෙය Simulation Theory ඔස්සේ අපෙ මනසෙහි ඇති වූ වෙනස් කමක් ලෙස මෙන් ම Many World Theory ය ඔස්සේ වෙනස් කාල වකවානුවක් සේම වෙනස් ම ලෝකයක් අප මනසෙහි නිර්මාණය වන බව ආදී විවිධ මතිමතාන්තර පැවතුන ද තවමත් මෙය පරීක්ෂණ මට්ටමේ පවතින සංකල්පයකි.

නිපුනි ලියනගේ



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි