×

මරණයේ මිටියාවත් තවත් උණුසුම් වෙයි – ලොව වැඩිම උෂ්ණත්වය වාර්තා වෙයි

ශතවර්ෂයකට පමණ ඉහතදී මරණයේ මිටියාවතෙන් සෙල්සියස් අංශක 56.6 ක උෂ්ණත්වයක් වාර්තා වී තිබූ නමුත් එම අගය විශ්වාස කළ නොහැකි බව ද බලධාරීන් පවසනවා.


පෘථිවියේ මෙතෙක් වාර්තා වූ වැඩිම උෂ්ණත්වය ඇමරිකාවේ කැලි‍ෆෝනියා ප්‍රාන්තයෙන් වාර්තා වී තිබෙනවා. එම ප්‍රාන්තයේ Death Valley  ජාතික උද්‍යානයෙන් සෙල්සියස් අංශක 54.4 ක උෂ්ණත්වයක් මේ වනවිට වාර්තා වන බවයි ඇමරිකානු කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ.

මෙම ප්‍ර‍දේශය හඳුන්වන්නේ මරණයේ මිටියාවත යන නමිනි. ඊට ‍හේතුව වන්නේද සාමාන්‍ය කාලවලදීද එහි අධික උණුසුම් තත්වයක් වාර්තා වීමයි.

මීට පෙර පසුගිය 2013 වසරේදී එම ප්‍රදේශයෙන් සෙල්සියස් අංශක 54 ක අගයක් වාර්තා වී තිබුණා.

අමෙරිකාවේ, බටහිර වෙරළ තීරය හරහා පැමිණෙන තාප තරංග (Heatwave) හේතුවෙන් ඉදිරියේදී උෂ්ණත්ව අගය තවදුරටත් ඉහළ යාමේ අවදානමක් තිබෙන බවයි ඇමරිකානු කාලගුණ බලධාරීන් සඳහන් කරන්නේ.

ශතවර්ෂයකට පමණ ඉහතදී මරණයේ මිටියාවතෙන් සෙල්සියස් අංශක 56.6 ක උෂ්ණත්වයක් වාර්තා වී තිබූ නමුත් එම අගය විශ්වාස කළ නොහැකි බව ද බලධාරීන් පවසනවා.

UN



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි