×

මියන්මාරයේ උද්ඝෝෂණවලට එල්ලවූ ප්‍රහාරවලින් යැන්ගොන් ලේ විලක් කරමින් ඊයේ දින පමණක් 38ක් ඝාතනය වෙලා

හමුදා කුමන්ත්‍රණයෙන් පසු මියන්මාරයේ පැවති උද්ඝෝෂණ වලින් ඊයේ දින පමණක් විරෝධතාකරුවන් 38 දෙනෙකු ඝාතනය වී ඇති බව විදෙස් වාර්තා පෙන්වාදෙයි. 


එරට විශාලතම නගරය වන යෝන්ගොන් ප්‍රදේශයේ විරෝධතාවන්ට පොලිස් වෙඩි තැබීම්වලින් එම මරණ  සිදුව තිබේ.

විරෝධතාකරුවන්ද මුගුරු සහ පිහි වැනි ආයුධ භාවිතා කර ඇති බවද දැක්වෙයි.

විරෝධතා අතරතුර එරට චීන ව්‍යාපාරික ස්ථානවලටද පහර දීම සිදුව ඇති අතර ඒ සමඟ එම ප්‍රදේශයන්ට යුධ නීතිය ප්‍රකාශයට පත් කර ඇත.

විරෝධතාකරුවන්ගේ විශ්වාසය වන්නේ චීනය එරට හමුදා පාලනයට සහය දෙන බව වුවද එම ව්‍යාපාරික ස්ථානවලට පහරදීම් පසුපස සිටින්නේ කවුරුන්ද යන්න තහවුරු වී නැති බව සඳහන්.

මියන්මාරයේ හමුදා කුමන්ත්‍රණය ඇති වූ පසුගිය පෙබරවාරි පළමු වැනිදා සිට ඇරඹි මෙම විරෝධතාවල තවදුරටත් කෙළවර වීමක් පෙනෙන්ට ද නැත.

මෙම විරෝධතා හේතුවෙන් මේ වන විට විරෝධතාවලට එක්වූ 120ක් පමණ  පහර දීම් හමුවේ ඝාතනය වී ඇති  බවද දැක්වෙයි.

හමුදා අත්අඩංගුවට පත් මියන්මාර ප්‍රජාතන්ත්‍රවාදී ලීගයේ නායිකා අවුන් සාන් සුකී  නිදහස් කර යළි රට තුළ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරන ලෙස බලකරමින් මියන්මාර වැසියන් අඛණ්ඩව මාරාන්තික උද්ඝෝෂණවල නියැලී සිටියි.

ගිය වසරේ නොවැම්බරයේ පැවති මැතිවරණය සාධාරණය නොවන බව පවසමින් අවුන් සාන් සුකී සමඟ සිය දෙනෙකු පමණ අත්අඩංගුවට පත් වූයේ නව පාර්ලිමේන්තුවේ වැඩකටයුතු ආරම්භ කිරීමට දිනකට පෙරය.

ASK for LNW



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි