×

මියන්මාරයේ හමුදා කුමන්ත්‍රණයට එරෙහි උද්ඝෝෂණ මර්දනය දිගටම

හමුදා පාලනයට ලක් විමෙන් පසුව එක්සත් ජාතීන්ගේ වාර්තාවන්ට අනුව මියන්මාරයේ විරෝධතාකරුවන් 18 දෙනෙකු මිය ගොස් ඇති බව තහවුරු කරයි.


මේ වන විටත් රට පුරාහමුදා පාලනයට එරෙහි දැවැන්ත විරෝධයක් ඉස්මතුවි තිබේ. නගර කිහිපයකදි උද්ඝෝෂකයින්ට උණ්ඩ, අත්බෝම්බ සහ කඳුළු ගෑස් ප්‍රහාර ආරක්ෂක ඒකක විසින් එල්ල කරන ලද්දේ මිල්ටරි ජුන්ටාව නොතකා රටපුරා පැවැත්වූ පෙළපාලි මර්දනයට ගත් උත්සහාය මතයි.

සාමකාමී විරෝධතාකරුවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය දැඩි ලෙස හෙළා දකින එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලයට අනුව අවම වශයෙන් පුද්ගලයින් 30 දෙනෙකු තුවාල ලබා ඇතැයි විශ්වාස කෙරේ.

යාන්ගොන්, ඩාවෙයි, මැන්ඩලේ, මයික්, බාගෝ සහ පොකොක්කු යන ප්‍රදේශවල ජනතාව වෙත එල්ලකල වෙඩි ප්‍රහාර හේතුවෙන් මෙම මරණ සිදුව ඇති බව වාර්තා වේ. ගුරු විරෝධතාවය මර්දනය සඳහා පොලිසිය විසින් අත් බෝම්බ එල්ල කිරීමෙන් කාන්තාවක් මිය ගිය ගොස් ඇත.

මාර්ගයට බසින බොහෝ දෙනෙක් ආරක්ෂාව සඳහා ගෑස් වෙස් මුහුණු, තොප්පි සහ ඇස් කණ්නාඩි පැළඳ සිටීම සුලබදසුනක් වි තිබේ.

පසුගිය සෙනසුරාදා පොලීසිය විසින් උද්ඝෝෂණ සඳහා ප්‍රචණ්ඩකාරී ප්‍රතිචාරයක් දැක්වූ අතර, සමූහයා විසුරුවා හැරීම සඳහා කඳුළු ගෑස් සහ රබර් උණ්ඩ භාවිතා කරන්නට විය.

රජ්‍ය මාධ්‍ය පෙන්වා දෙන්නේ පසුගිය සෙනසුරාදා පැවති විරෝධතාවලදී පුද්ගලයින් 470 කට වැඩි පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති බවයි.

හමුදාව වසරක කාලයක් තුළ මැතිවරණයක් පැවැත්වීමට පොරොන්දු වී තිබේ. විරෝධතාකරුවන් එවැනි පොරොන්දු වලට එකඟ නොවන අතර ඔවුන්ගේ තේරී පත් වූ නායකයින් නිදහස් කරන ලෙස ඉල්ලා සිටි. (theguardian වෙතින්)

සහන් හේවාගමගේ



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි