×

මියන්මාර හමුදා අධිකරණය විසින් ඇමෙරිකානු මාධ්‍යවේදීයෙකුට සිර දඬුවම්

ජපානයේ බොහෝ ප්‍රධාන ප්‍රවෘත්ති ආයතන සඳහා වාර්තා කරමින් සිටි යුකී කිටසුමි එරට සිටි විදේශීය වාර්තාකරුවන් කිහිප දෙනාගෙන් කෙනෙකි.


මියන්මාර හමුදා අධිකරණය විසින් ඇමෙරිකානු මාධ්‍යවේදී ඩැනී ෆෙන්ස්ටර්ට වසර 11ක සිර දඬුවමක් නියම කර තිබේ.සංක්‍රමණ නීතිය කඩ කිරීම, නීති විරෝධීන් ඇසුරු කිරීම සහ හමුදාවට එරෙහි විසම්මුතික මතාවාද දිරිමත් කිරීම සම්බන්ධයෙන් ෆෙන්ස්ටර් වැරදිකරු විය.

මෙම සතිය මුලදී ඔහුට උපරිම ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කළ හැකි දේශද්‍රෝහී සහ ත්‍රස්තවාදය යන නාමයන් යටතේ අමතර චෝදනා දෙකක් එල්ල විය.නමුත් ඔහුගේ නව චෝදනා පිළිබඳ නඩු විභාගය නොවැම්බර් 16 වැනිදා ආරම්භ වේ.Frontier Myanmar වෙබ් අඩවියේ කළමනාකාර කර්තෘවරයා වූ 37 හැවිරිදි ෆෙන්ස්ටර්, පසුගිය මැයි මාසයේදී Yangon ජාත්‍යන්තර ගුවන් තොටුපලේදී රඳවා ගනු ලැබීය.

ඔහු මෙම වසරේ පෙබරවාරියේ හමුදා කුමන්ත්‍රණයකින් පසු රඳවාගෙන සිටින සැලකිය යුතු මාධ්‍යවේදීන් සංඛ්‍යෙවන් එක් අයෙකි.ෆෙන්ස්ටර් මීට පෙර සේවය කර ඇත්තේ කුමන්ත්‍රණයෙන් පසුව හමුදාව විවේචනය කළ ස්වාධීන පුවත් වෙබ් අඩවියක් වන මියන්මාර් නව් හි ය.සිකුරාදා ඔහුට දඬුවම් නියම වූයේ ජපන් නිදහස් මාධ්‍යවේදියෙකු වන යුකී කිටසුමි මියන්මාරයේදී අත්අඩංගුවට ගෙන ව්‍යාජ පුවත් පතුරුවා හැරීමේ චෝදනාවට මාස කිහිපයකට පසුවයි.

ජපානයේ බොහෝ ප්‍රධාන ප්‍රවෘත්ති ආයතන සඳහා වාර්තා කරමින් සිටි යුකී කිටසුමි එරට සිටි විදේශීය වාර්තාකරුවන් කිහිප දෙනාගෙන් කෙනෙකි. මියන්මාර බලධාරීන් පවසන්නේ කිටසුමි නීතිය කඩ කළ නමුත් ජපානය ඔහුව ඉල්ලා සිටි නිසා යුකී කිටසුමි නිදහස් කළ බවයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි