×

මූලාන් සජීවීකරණ චිත්‍රපටයක ස්වරූපයෙන් ජන හද බැඳ ගනියි

Walt Disney Pictures සමාගම මගින් නිෂ්පාදනය වුන ඇමරිකානු නාට්‍යමය ගණයේ චිත්‍රපටයක් ලෙස Mulan 2020 හැදින්විය හැකියි. ඒ ඇනිමේෂන් චිත්‍රපටයේ සජීවි ක්‍රියාදාම අනුවාදයක් විදියටයි මේ චිත්‍රපටය එලි දක්වා ඇත්තේ.


Walt Disney Pictures සමාගම මගින් නිෂ්පාදනය වුන ඇමරිකානු නාට්‍යමය ගණයේ චිත්‍රපටයක් ලෙස Mulan 2020 හැදින්විය හැකියි. ඒ ඇනිමේෂන් චිත්‍රපටයේ සජීවි ක්‍රියාදාම අනුවාදයක් විදියටයි මේ චිත්‍රපටය එලි දක්වා ඇත්තේ. මීට පාදක වී ඇත්තේ චීන ජනශ්‍රැතියේ එන “The ballard of Mulan” කතාවයි. මෙහි ප්‍රධාන චරිතය වන හුආ මුලාන් යනු චීන ඉතිහාසයේ ජීවත් වුන රණශූරියක්. ඇයගේ මහලු පියා වෙනුවට,ඇය පිරිමියෙක් සේ වෙස් ගෙන යුද්ධයට යන අතර ඉන්පසු මුලාන් වසර දොලහක් පමණ සටන් බිමේ සටන් වැදී, චීන අධිරාජ්‍යයාගේ පැසසුම් ලබා, සම්මාන, ත්‍යාග ප්‍රතික්ෂේප කර ඇයගේ ගමට නැවත පැමිණෙයි.

1998 වසරේ කාටුන් චරිතයක් ලෙසින් ආ මුලාන්, සජීවිකරණ-ක්‍රියාදාම ප්‍රතිනිර්මාණයක් බවට පත් කිරීමේ සැලසුම් ආරම්භ වුනේ 2010 වසරේ සිටයි. නමුත් ඒ සැලසුම් සාර්ථක වුනේ නැහැ. නැවත 2015 වසරේ සිට Niki Caro ගේ අධ්‍යක්ෂණය යටතේ ඒ සිහිනය සැබෑවිය. ඒ අනුව 2018 අගෝස්තුවේ සිට නොවැම්බර් දක්වා නවසීලන්තය සහ චීනය තුළ රූගත කිරීම් නිම කර තිබේ. මේ චිත්‍රපටය ඉතිහාසයට එක් වන්නේ එතෙක් මෙතෙක් වැඩිම නිෂ්පාදන වියදමක් යටතේ (ඇ.ඩො මිලියන 200) කාන්තාවක් විසින් අධ්‍යක්ෂණය කළ චිත්‍රපටය ලෙසයි.

මේ චිත්‍රපටයේ හොලිවුඩ් මංගල දර්ශනය පැවැත්වූවේ මේ වසරේ මාර්තු 9 වෙනිදා. නමුත් කෝවිඩ් වසංගතය හේතුවෙන් චිත්‍රපටය සිනමාහල් වල ප්‍රදර්ශනය කිරීම කල් දැමීමට සිදුවුණි. ඒ අනුව සැප්තැම්බර් 4 වෙනිදා ඉඳන් Disney+ ඔස්සේ “මුලාන්” නරඹන්න අවස්ථාව සැලසෙන බව සමාගම නිවේදනය කර ඇත. Disney+ සේවාව නැති රට වල ප්‍රේක්ෂකයන් වෙනුවෙන්, සිනමාහල් නැවත විවෘත වූ විට මුලාන් ඒ සිනමාහල් වල ප්‍රදර්ශනය කෙරෙන බවත් ඔවුන් සඳහන් කර තිබුණි.

මුලාන් ලෙස චීන-ඇමරිකානු සම්භවයක් හිමි Liu Yifei රඟනයෙන් එක්වන අතර වූෂු ශූරයෙකු ලෙස ප්‍රකට ජෙට් ලී මෙහි චීන අධිරාජ්‍යයා ලෙස පණ පොවනවා. 1998 කාටූන් චිත්‍රපටයත් එක්ක සසඳද්දී මෙහි චරිත කිහිපයක වෙනස්කම් සිදු වී ඇත. විශේෂයෙන්ම කාටූන් චිත්‍රපටයේ හමු වුන “මූෂූ” මෙහි දකින්න ලැබෙන්නෙ නැහැ.

මේවන විට මෙම චිත්‍රපටය ශ්‍රී ලංකාවේ සිනමාහල් වල ප්‍රදර්ශනය ආරම්භ වී ඇති අතර එය දැනටමත් ජනතාව වැළද ගත්තක් බවට පත්ව ඇත.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි