×

මෙක්සිකෝව, බියර් පෙරීම අත්‍යාවශ්‍ය ක්‍රියාකාරකමක් ලෙස නම් කරයි

මෙක්සිකෝව, මාස 2කට පසු බියර් පෙරීම ආරම්භ කිරීමට සැරසෙන්නේ, එය අත්‍යාවශ්‍ය ආර්ථික ක්‍රියාකාරකමක් ලෙස නම් කිරීමත් සමග ය.


මේ අනුව කොවිඩ් හේතුවෙන් පැනවූ මාස 2 ක තහනමකින් පසුව මෙක්සිකෝව, ජූනි 1 වැනිදා සිට නැවත වරක් බියර් ඇතුළු මත්පැන් නිෂ්පාදනයට යොමුවීමට නියමිත ය.

ඒ අනුව මෙක්සිකෝවේ බීර පෙරීම, ජූනි 1 වැනිදා පටන් සැලකෙන්නේ ඉදිකිරීම්, පතල් කැණීම්, ප්‍රවාහන සේවා වැනි අත්‍යාවශ්‍ය ආර්ථික ක්‍රියාකාරකමක් ලෙස ය.

කෙසේ නමුත් මෙක්සිකෝවේ අගනුවර වන ‘මෙක්සිකෝ සිටි‘ පමණක් මේ අනුව බීර නිෂ්පාදනය කඩිනමින් ඇරඹීමට බලාපොරොත්තු වෙයි.

මෙක්සිකෝව, මීසොඇමරිකානු යුගයේ පටන්ම මධ්‍යසාර කර්මාන්තය සම්බන්ධයෙන් ලෝක ප්‍රසිද්ධියක් උසුළයි.

මෙක්සිකානු ජනතාවගෙන් 63%ක්ම අවම වශයෙන් එක් බියර් සන්නාමයක් හෝ පරිභෝජනය කරන බව පැවසේ. ඒ අනුව මෙක්සිකෝවේ ප්‍රධානතම කර්මාන්තයක් බවට එය පත්ව තිබේ.

තවද ලෝකයේ රටවල් 150කට අධික සංඛ්‍යාවකට මෙක්සිකෝව බියර් අපනයනය කරන අතර, එයින් වැඩිම ප්‍රමාණයක් අපනයනය කරනු ලබන්නේ ඇමරිකා එක්සත් ජනපදයට ය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි