×

මොසැම්බික් රාජ්‍යයේ ඉස්ලාමීය ගරිල්ලන් සිවිල් වැසියන් 50 දෙනෙකුගේ හිස සිඳ මරා දමලා

‘අල් ෂබාබ් සන්නද්ධ කල්ලිය‘ ලෙස තමන්ව හඳුන්වා ගන්නා මොසැම්බික් රාජ්‍යයේ ඉස්ලාමීය ගරිල්ලන් විසින් පුද්ගලයන් 50 දෙනෙකුගේ ගෙළ කපා මරා දමා ඇතැයි මොසැම්බික් මාධ්‍ය වාර්තා කරයි.


මහ වනයක් මැද ගැමියන් විසින් පාපන්දු ක්‍රීඩා කිරීම සඳහා යොදගත් එළි පෙහෙළි කළ ස්ථානයක් මෙම අපරාධය සිදුකිරීම සඳහා යොදාගෙන තිබේ.

මිය ගිය අය අතර පිරිමි ළමුන් 15 දෙනෙකු පමණ සිටි බව කියැවේ. ඔවුන්ගෙන් සමහරෙක්, දකුණු අප්‍රිකානු කලාපයේ පවතින පිරිමි ළමුන්ගේ වැඩිවිය පැමිණීමේ චාරිත්‍රයකට සහභාගි වෙමින් සිටි අය බව ද හෙළි වී ඇත.

යාබද ගම්මානයක ද මෙවැනිම ගෙළ කපා දැමීම් කිහිපයක් වාර්තා වන බව බීබීසී පුවත් සේවය පවසයි.

2017 වසරේදී ඛණිජ තෙල් බහුල කාබෝ දෙලාග්දෝ පළාතේ සිදුවූ සමූහ ඝාතන ද මෙම ගරිල්ලන් විසින් සිදුකර තිබුණේ ගෙළ කපා මරා දැමීම මගිනි.

ප්‍රධාන වශයෙන් මුස්ලිම් ජනගහනයක් ජීවත් වන මෙම පළාතේ මේ දක්වා ඇති වූ ගැටුම්වලින් 2,000 ක් පමණ මියගොස් ලක්ෂ හතරකට අධික සංඛ්‍යාවක් අවතැන් වී තිබේ.

IS සංවිධානය සමගත් සබඳතා

මේ අතර, තමන්ව අල් ෂබාබ් යනුවෙන් හඳුන්වා ගත්තත් ඔවුන් IS කණ්ඩායමත් සමග ද සබඳතා පවත්වන බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

දකුණු අප්‍රිකානු කලාපය තුළ IS සංවිධානය සිය ව්‍යාප්තිය සැලසුම් කරන්නේ මෙම සන්නද්ධ කල්ලි සමග බව විශ්වාස කෙරේ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි