×

මෝදි ජාතිය අමතයි

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර සිං මෝදි මහතා ඉකුත් ඉරු දින ජාතිය ඇමතීය. ඒ, ඔහු විසින් මාසිකව ජාතිය අමතා කරන කතාව පටිගත කරන, 'මාන් කි බාත්' නම් ගුවන්විදුලි වැඩසහනට එක්වෙමිනි.


මෝදිගේ රජය, භාරතීය ජනතා පක්ෂය බලය ලබා වසර 7ක් සපිරීම ද මෙදිනට යෙදී තිබිණි.

‘අනාගතයේදී කොරෝනාවලට පෙර සහ පසු ලෝකය වශයෙන් අපි සමාජ සංසිද්ධීන් නම්කරාවි’ යැයි මීට ඉහතදී ඔහු කළ අදහස් දැක්වීමකදී පවසා තිබිණි. ඉන්දීය අග්‍රාමාත්‍යවරයා කළ කතාවේ අවධාරණය කළ කරුණු කිහිපයක් පහත දැක්වේ.

‘මගේ දයාබර රටවැසියනි,

පසුගිය වසර 100ක පමණ කාලයක් තුළදී ලෝකයක් වශයෙන් අපට මුහුණ දීමට සිදුවූ  විශාලතම වසංගතය වන්නේ කොරෝනා වයිරසය හේතුවෙන් උද්ගත වූ වසංගත තත්වයයි. මේ වසංගතය තිබියදී ම ඉන්දියාවට තවත් ස්වභාවික විපත් ගණනාවකට මුහුණදෙන්න සිදුවුණා. ඉන්දියාවේ බොහෝ ප්‍රදේශවලට ගංවතුර, භූ කම්පන, නායයාම් මෙන්ම දැඩි සුළං බලපෑවා. මුදවාගැනීමේ කණ්ඩායම්වලට මගේ ප්‍රසාදය හිමිවෙනවා. මම ඔවුන්ට ආචාරය පුදකරනවා වගේම මේ විපත්වලින් මියැදුණු මිනිසුන්ගේ සමීපතමයන් වෙනුවෙන් හදවතින් ශෝක වෙනවා.

රටවැසියනි, අභියෝගය විශාල වන තරමට ඉන්දියාවේ ජයග්‍රහණය තහවුරු වෙනවා. මේ රට සතු ශක්තිය, අපේ සේවයේ සාරය විසින් ඉන්දියාව ඕනෑම කුණාටුවකදී වුණත් ආරක්ෂා කරන්න සමත්.

කොරෝනා දෙවන රැල්ල පැමිණීමත් එක්කම, ඔක්සිජන් සිලින්ඩර්වලට තිබුණු ඉල්ලුම එක්වරම ඉහළ ගියා. වුවමනා ප්‍රමාණයට වඩා සැපයුම නැතිවීම ලොකු අභියෝගයක් වුණා. ඉන්දියාවේ දුෂ්කර ගම්මානවලට ඔක්සිජන් සැපයීම කියන්නේ වෙනම ක්‍රියාවලියක්. අධික වේගයෙන් ධාවනය වෙද්දි ඉතාම අඩු උෂ්ණත්ව තත්ව යටතේ ගෙනයන දියරමය ඔක්සිජන් ටැංකි ගැටීමෙන් පොඩි වැරදීමකින් ලොකු පිපිරීමක් වෙන්න පුලුවන්. මේවා ප්‍රවාහනය කරන්නේ නැගෙනහිර පෙදෙස්වල ඉඳලා. එහි සිට විවිධ ගම් නගරවලට ඔක්සිජන් ප්‍රවාහනයට දින ගණනක් ගත වෙනවා. ඒනිසා මේ ටැංකි ප්‍රවාහනය කරන රියදුරන්ට ගුවන් හමුදා භටයන් වගේම,  ‘ඔක්සිජන් එක්ස්ප්‍රස්’ නම් දුම්රිය වැඩසටහන යටතේ ද සහාය ලැබෙනවා. පිටරට ඉන්න මේ ගැන දැනුමැති පිරිස යළි ඉන්දියාවට කැඳෙව්වා. දැන් මෙයට ත්‍රිවිධ හමුදාව ම එක්ව සිටිනවා.

ඔක්සිජන් එක්ස්ප්‍රස් නම් දුම්රිය වැඩසටහන පරිපාලනයේ ක්‍රියාවලිය සම්පූර්ණයෙන් පවත්වාගෙන යනු ලබන්නේ කාන්තාවන් විසින්. ඒනිසා මව්වරු වගේම සහෝදරියනුත් ඒගැන සතුටට පත්විය යුතුයි. මේ රටේ ඉන්න හැම කාන්තාවක්ම ආඩම්බර වෙන්න ඕන ඒගැන, හැම ඉන්දියානුවෙක් ම.

කොරෝන වයිරසයේ බලපෑමට ලක්වුණු මුල්කාලයේ ඉන්දියාවට තිබුණේ දියුණු පර්යේෂණාගාරයක් විතරයි. නමුත් මේ වෙද්දි සම්පූර්ණ පර්යේෂණාගාර දෙකක් එක්ක ම, පර්යේෂණාගාර 500ක් විතර ක්‍රියාකෙරමින් තියෙනවා. මුලදී කොරෝනා සම්බන්ධයෙන් දෛනික පර්යේෂණ කළේ කුඩා ප්‍රමාණයක්. අද ලක්ෂ 20කට වඩා ප්‍රමාණයක දෛනික පර්යේෂණ සිදුවෙනවා.

වයිරසය මැඩලීමේ යෙදී සිටින ඉදිරිපෙළ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට ගණන් කළ නොහැකි තරම් පිරිසක් එක්ව සිටිනවා. ආසාදිතයන් වෙතට යාම, ඔවුන්ගේ සාම්පල ලබාගැනීම, පර්යේෂණ කිරීම වැනි දෑවල ඔවුන් නිරත වෙනවා. අවුරුදු එකහමාරකටත් වැඩි කාලයක් තිස්සේ, ‘කොරෝනා වෙනුවෙන් සටන් කරන රණකාමියෝ’ කවුද කියලා අපි දැක්කා. ඔවුන්ගේ කැපවීම, මහන්සිය සියල්ලම.

මේ සේරම තිබියදීත්, අපේ ගොවි මහතුන්ගේ වගා අස්වනු සැලකිය යුතු ප්‍රමාණයකින් වාර්තාගත ලෙස ඉහළ ගොස් තිබෙනවා. අගර්තලාවල ඉන්න ගොවියන් තමන්ගේ කොස් අස්වැන්න ලන්ඩන් දක්වා ප්‍රවාහනය කරනවා. දකුණු ඉන්දියාවේ සිට දිල්ලිය දක්වා ටොන් ගණනින් අඹ රැගත් රේල්ලු ගමන් ගන්නවා. මේ වෙද්දි ටොන් ලක්ෂ දෙකක් පමණ ප්‍රවාහනය කරලා. කොරෝනා තත්වයේදී වුණත් ගොවියන්ට හැකිවෙලා තියෙනවා, අවම වියදමක් දරමින් ඉන්දියාවේ දුරස්ථ පෙදෙස්වලට තමන්ගේ අස්වනු ප්‍රවාහනය කරන්න’

සිය රජය බලයට පැමිණීමට පෙර සහ පසු රට සංවර්ධනය වූ ආකාරය පිළිබඳව කීමට ඉන්දීය අගමැති ඉන්පසුව යොමුවී තිබිණි. ඔහු මේ කතාබහේ නිරතවෙමින් සිටියේ, ඉන්දියාවේ නව ආසාදිතයන් දෛනිකව ලක්ෂ 2ක් පමණ වාර්තා වන, එමෙන්ම 3,000කට වැඩි පිරිසක් මරණයට පත්වන තත්වයකදීය.

(හින්දුස්ථාන් ටයිම්ස් ඇසුරිනි)



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි