×

රතු මුහුදේ කිමිදෙන යෝධ Martin L1011 ගුවන් යානය; ඔබ නැරඹිය යුතුම ඡායාරූප පෙළක් …

කිමිදුම් සංචාරක ව්‍යාපාරය සහ කොරල්පර වර්ධනය දිරිගැන්වීමේ අරමුණින් යානය ජෝර්දානයේ අකාබා බොක්කෙහි ගිල්වා ඇති බව ජෝර්දාන් පුවත් ඒජන්සිය මේ සම්බන්ධව ජාත්‍යන්තර මාධ්‍ය වෙත පවසා තිබේ.


Martin L1011 ගුවන් යානය, එහි එන්ජින් තුනක්, පියාපත් සහ වලිග වරල් මත සවි කර ඇති අති සුන්දර සුවිශාල නිර්මාණයකි. මේ වන විට එය රතු මුහුදේ මතුපිටට යටින්, වසර තුනක් පුරාවට දස දහස් ගනන් මත්ස්‍යන් හා මුහුදු ජීවීන් හට නිවහන වී ඇත.

1980 ලියාපදිංචි කර ඇති මෙම යෝධ ගුවන් යානය Planespotters.net, Royal Jordanian, Portugal’s TAP Air සහ Sweden’s Novair,Luzair ඇතුළු ගුවන් සමාගම් කිහිපයක සේවා කටයුතු ඉටු කර ඇති Martin L1011 රතු මුහුදේ වෙරළ ආසන්නයේ කිං හුසේන් ජාත්‍යන්තර ගුවන් තොටුපළේ වසර ගණනාවක් ගාල් කර තබා පසුව කිමිදුම් සංචාරක ව්‍යාපාරය සහ කොරල්පර වර්ධනය දිරිගැන්වීමේ අරමුණින් යානය ජෝර්දානයේ අකාබා බොක්කෙහි ගිල්වා ඇති බව ජෝර්දාන් පුවත් ඒජන්සිය මේ සම්බන්ධව ජාත්‍යන්තර මාධ්‍ය වෙත පවසා තිබේ.

එය මීටර් 15 සිට 28 දක්වා (අඩි 50-92) ගැඹුරක පිහිටා ඇත. ඡායාරූප ශිල්පී බ්‍රෙට් හොල්සර් විසින් මෙම ජලජ ගුවන් යානයේ අද්භූත දර්ශනය ග්‍රහණය කර ගෙන ඇති අතර ඔහුගේ දිය යට ඡායාරූප Instagram හි අතිශය ජනප්‍රිය වී ඇත. ඔහුගේ සමහර Instagram අනුගාමිකයින් දැන් සුන්බුන් බැලීමට අකාබා බොක්ක වෙත ඔවුන්ගේම සංචාරයන් සැලසුම් කර ඇති බව පැවසේ.

ඡායා : CNN travel

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි